කොළඹ LNW:ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 ජන්ම ගුණසමරුව ඊයේ (17) මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
ඊට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ BodhiGaya Vijjalaya 980 Institute හි නිර්මාතෘ සහ මහලේකම්, Dharma Alliance හි උපදේශක ආචාර්ය සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong) මහතා,ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රී කුල්කර්නි, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහ හිටපු කතානායක කරු ජයසූරිය යන සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
මහාබෝධි සංගමයේ උපසභාපතිි පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ මෙහි දී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිට වූහ.
මෙහි දී අදහස් දැක් වූ පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කියා සිටියේ,ඉන්දියාවේ ගුවන් තොටුපල ප්‍රවේශ දොරටු අසල විවේකානන්ද ස්වාමිතුමන්ගේ පිළිරුවක් තැන්පත් කර ඇති ආකාරයෙන් කටුනායක ගුවන්තොටුපළේ ද අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර බුදු දහමට සහ ලාංකේය ජාතියට මහා මෙහෙවරක් කළ එම යුග පුරුෂයාට ගෞරව දක්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි.
මීට පෙර පැවති රජයන්ටද මෙම ඉල්ලීම් ඉදිරිපත් කර නමුත් මේ දක්වා එය ඉටු වී නොමැති බව උන්වහන්සේ සිහිපත් කළේය.
ආචාර්ය සුපාචල් වීරාපුචොංග් මහතා කියා සිටියේ මෙරට ළමා අධ්‍යාපනය දියුණු කිරීමට සහායවීමට තමන් සූදානම් බවය.
මීට සමගාමීව එම විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සීමිත වෙලාවකට පැවැත්විය.





