12000 බිල 60000 ට වැඩිවෙලා, ව්‍යාපාරිකයන්ට දෙන සහන අපිට නැත්තෙ ඇයි – අභයතිස්ස හිමි

Date:

විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව තම විහාරස්ථානයේ විදුලි බිල පස් ගුණයකින් වැඩි වී ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා. රුපියල් 12,000 ක් ලෙස පැවති බිල රුපියල් 60,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අභයතිස්ස හිමි පවසන්නේ වැඩි වූ බිල කිසිසේත්ම ගෙවිය නොහැකි බවයි. ගෙවීමට හැකි වුවද කිසිසේත්ම වැඩි වූ ප්‍රමාණය නොගෙවන බවත්, මෙතෙක් මාසිකව ගෙවූ 12,000 මුදල පමණක් ගෙවන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

විදුලි ඒකක 180 ඉක්මවන විහාරස්ථානවල එක් ඒකකයක් සඳහා රුපියල් 65 ක් බැගින් අයකරන විට ඒකක 180 ඉක්මවන ව්‍යාපාරික ස්ථානවලින් එක් ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 32 ක් වැනි මුදලක් බව පෙන්වා දෙන මැදගොඩ අභයතිස්ස හිමි, ආගමික ස්ථානවලට නොමැති සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ප්‍රශ්න කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...