ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සදහටම ඇමෙරිකාවට හිමිවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 19 :
ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සහ ඒ සම්බන්ධ අනෙකුත් අවශ්‍යතා පිළිබඳව ඇමෙරිකාවට “ස්ථිර පාලනයක්” හිමිවන පරිදි ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ ගිවිසුමකට එළඹ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය පණිවුඩයක සඳහන් කර ඇත්තේ ග්‍රීන්ලන්තයේ ඇමෙරිකානු ආරක්ෂක හැකියාවන් දීර්ඝ කාලීනව තහවුරු කිරීමට මෙම ගිවිසුම මඟින් හැකිවන බවත් රුසියාව සහ චීනය වැනි ඇමෙරිකාවේ ප්‍රතිවාදී රටවලට ග්‍රීන්ලන්තයේ හමුදා කඳවුරු පිහිටුවීම, හමුදා පැවැත්මක් පවත්වාගෙන යාම හෝ සංවේදී ආයෝජන සිදුකිරීම සීමා කිරීමටද ගිවිසුමෙන් පියවර ගන්නා බවත්‍, ගිවිසුම යටතේ ග්‍රීන්ලන්තයේ ඇමෙරිකානු හමුදා පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අවධාරණය කරන්නේ මෙම ගිවිසුම මඟින් ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය ඩෙන්මාර්කය සතුව පවතින බව සහ ග්‍රීන්ලන්ත ජනතාවගේ ස්වයං නිර්ණය කිරීමේ අයිතිය පිළිගන්නා බවත්, මෙය ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට පවරාදීමක් ලෙස ඔවුන් ඉදිරිපත් කර නොමති බවත්‍ ය.

ඇමෙරිකාව, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය මෙම ගිවිසුම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ලබන සතියේ අත්සන් කිරීමට බලාපොරොත්තු වන අතර, එය ක්‍රියාත්මක වීමට ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි ද අවශ්‍ය වේ.

මෙම ගිවිසුම හරහා ආක්ටික් කලාපයේ ඇමෙරිකානු ආරක්ෂක හා හමුදා භූමිකාව තවදුරටත් පුළුල් විය හැකි අතර, විශේෂයෙන් චීනය සහ රුසියාව සම්බන්ධ ආරක්ෂක අවදානම් සීමා කිරීම ඇමෙරිකානු පාර්ශ්වයේ ප්‍රධාන අරමුණක් බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...