සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 19 : ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සහ ඒ සම්බන්ධ අනෙකුත් අවශ්‍යතා පිළිබඳව ඇමෙරිකාවට “ස්ථිර පාලනයක්” හිමිවන පරිදි ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ ගිවිසුමකට එළඹ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය පණිවුඩයක සඳහන් කර ඇත්තේ ග්‍රීන්ලන්තයේ ඇමෙරිකානු ආරක්ෂක හැකියාවන් දීර්ඝ කාලීනව තහවුරු කිරීමට මෙම ගිවිසුම මඟින් හැකිවන බවත් රුසියාව සහ චීනය වැනි ඇමෙරිකාවේ ප්‍රතිවාදී රටවලට ග්‍රීන්ලන්තයේ හමුදා කඳවුරු පිහිටුවීම, හමුදා පැවැත්මක් පවත්වාගෙන යාම හෝ සංවේදී ආයෝජන සිදුකිරීම සීමා කිරීමටද ගිවිසුමෙන් පියවර ගන්නා බවත්, ගිවිසුම යටතේ ග්‍රීන්ලන්තයේ ඇමෙරිකානු හමුදා පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අවධාරණය කරන්නේ මෙම ගිවිසුම මඟින් ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය ඩෙන්මාර්කය සතුව පවතින බව සහ ග්‍රීන්ලන්ත ජනතාවගේ ස්වයං නිර්ණය කිරීමේ අයිතිය පිළිගන්නා බවත්, මෙය ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට පවරාදීමක් ලෙස ඔවුන් ඉදිරිපත් කර නොමති බවත් ය.
ඇමෙරිකාව, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය මෙම ගිවිසුම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ලබන සතියේ අත්සන් කිරීමට බලාපොරොත්තු වන අතර, එය ක්‍රියාත්මක වීමට ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි ද අවශ්‍ය වේ.
මෙම ගිවිසුම හරහා ආක්ටික් කලාපයේ ඇමෙරිකානු ආරක්ෂක හා හමුදා භූමිකාව තවදුරටත් පුළුල් විය හැකි අතර, විශේෂයෙන් චීනය සහ රුසියාව සම්බන්ධ ආරක්ෂක අවදානම් සීමා කිරීම ඇමෙරිකානු පාර්ශ්වයේ ප්‍රධාන අරමුණක් බව වාර්තා වේ.

