*
Monday, May 6, 2024
spot_img

Latest Posts

විශේෂඥ වෛද්‍ය හිඟය පියවන්න කෙහෙළියගේ විසඳුම මෙන්න!

කොළඹ LNW:විශේෂඥ වෛද්‍යවරු විදෙස් ගත වීම නිසා මතුවන වෛද්‍ය හිඟය පියවීම සඳහා වයස අවුරුදු 63 සම්පූර්ණ කර විශ්‍රාම යන වෛද්‍යවරු කොන්ත්‍රාත් පදනමින් සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව වසරක කාලයකට කොන්ත්‍රාත් පදනමින් විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරු බදවා ගැනෙන අතර වසරක් අවසානයේදී ද එම ස්ථානයට විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති වුවහොත් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමටද ප්‍රතිපාදන යොදා තිබෙන බව විජේසූරිය මහතා කියා සිටියි.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරු බඳවා ගැනීම වැඩිකර තිබෙන බවත් ඉදිරියේදී විදෙස්ගතව සිටින විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් නැවත දිවයිනට පැමිණීමට නියමිත බවත් එවිට පවතින ගැටලුකාරී තත්ත්වය විසඳෙන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan