” Softlogic සහ Bata” නව ගමනක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): Softlogic Holdings PLC ආයතනය විසින් ඉතා අනර්ඝ ජාත්‍යන්තර සන්නාමයක් වන “Bata” සන්නාමය මිලදී ගෙන ඇත. ඒ අනුව Softlogic Holdings PLC ආයතනය නිවේදනය කර ඇත්තේ, “Bata” හි නිෂ්පාදන බලපත්‍රය සහ බෙදා හැරීමේ අයිතිය සහ වෙළඳ සන්නාම අයිතීන් මිලදී ගෙන ඇති බවයි.

මේ අනුව, Softlogic ආයතනය විසින් 2023 සැප්තැම්බර් 14 වැනි දින Bata Shoe Company of Ceylon Limited ලෙස කලින් හැඳින්වූ පාවහන් සමාගමෙහි 100% ක කොටස් රුපියල් මිලියන 293 ක වටිනාකමකට ලබාගෙන ඇති බව නිවේදනය කර ඇත.

Bata සමාගමේ ආරම්භය 1950 දක්වා ඈතට දිවෙන අතර වසර 73 ක කාලයක් ශ්‍රී ලංකාවේ Bata නිෂ්පාදන, නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුකර ඇති ඉතිහාසගත වෙළඳ නාමයකි. එහි කාර්ය මණ්ඩලය 150 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර නිෂ්පාදන කම්හල රත්මලානේ ස්ථාපිත කර ඇත.

බාටා නිෂ්පාදන තුළ Bata, North Star, Power, Bubblegummers, Weinbrenner, Sandak, Ambassador වැනි සන්නාමයන් සහ ලේබල් 20කට වඩා වැඩි නිෂ්පාදන ගොන්නක් සහිත පුළුල් වෙළඳසැල් ජාලයක් සහ ගබඩා ජාලයකින් සමන්විතය.

බාටා” යනු උසස් තත්ත්වයේ, විද්‍යාත්මකව සහ අද්විතීය ලෙස නිර්මාණය කර ඇති පාවහන් සඳහා නමක් දිනාගත් ජාත්‍යන්තර සන්නාමයක් වන අතර ශ්‍රී ලාංකේය ජනහද තුළ වර්ෂ 1950 වර්ෂවල සිට ජනතාව ඇදබැද තබා ගත් නාමයකි.

Softtogic ආයතනය විසින් ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තයේ ප්‍රබල සන්නාමය ලෙස නැවත ගොඩනගමින් “Bata” සහ Bata නිෂ්පාදන නව ජවයකින් නැවතත් වෙළඳපොළ කරා ගෙන යාමට කැමැත්ත පලකර ඇත. තවද Softlogic හි අරමුණ වන්නේ, Bata පාවහන් නිෂ්පාදනය නව මුහුණුවරකින් විවිධ මෝස්තර සමගින් ජනතාව කරා යාමට දොරටු විවෘත කිරීමයි. තවද තත්වයෙන් උසස් පාවහන් නිශ්පාදනය කිරීමයි.

Softlogic යනු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සන්නාම හඳුන්වා දීමේ පුරෝගාමියා වන අතර Nike, Puma, Adidas, Skechers, Aldo, Joma, Cantebury, Pegada, Vizzano, Moleca වැනි පාවහන් සන්නාම ඇතුළු ජාත්‍යන්තර සන්නාම බෙදාහැරීම සහ අලෙවියේ පළපුරුද්ද සමඟ වෙළෙඳපොළ ආධිපත්‍යය ගෙන යන විශිෂ්ඨ ආයතනයක් බව නොරහසකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...