මම ශම්මිත් දන්නවා ශම්මිගෙ තාත්තාත් දන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර

Date:

ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා විසින් නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මංත්‍රීවරයාව නොදන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින කරන ලද විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශ කළේ ඔහු ශම්මි සිල්වාත්,ඔහුගේ පියාත් යන දෙදෙනාම දන්නා බවය.

තමා ගණිත ගුරුවරයෙක් බව පැවසූ නලීන් බණ්ඩාර මංත්‍රීවරයා ශම්මි සිල්වාට එය අමතක වී ඇති බව පැවසුවේය.තමන් ළඟ හරි ගණන් ඇති බව පැවසූ මංත්‍රීවරයා ඒ ගැන කතා කරන්නට පැමිණෙන ලෙස ක්‍රිකට් ආයතන සභාපතිවරයාට ආරාධනා කළ අතර අදාළ ලිපි ගොනු තමන්ට ලැබෙන්නේද ක්‍රිකට් ආයතනයෙන්ම බව පැවසූවේය.
ශම්මි සිල්වා සභාපතිවරයා තමන්ට ලැබුණ ඩොලර් මිලියන 4 ගැන කතා කළ ද,රටේ තරගාවලිය පැවත්වූයේ නම් ඒ හරහා මෙරටට පැමිණෙන සංචාරකයන් නිසා තවත් කේෂ්ත්‍ර ගණනාවක ආර්ථිකයට එයින් යහපතක් වනු ඇතැයි මංත්‍රීවරයා පෙන්නා දුන්නේය.

ශම්මි සිල්වා සභාපතිවරයා නලීන් බණ්ඩාර මංත්‍රීවරයාට එරෙහිව කරන ලද ප්‍රකාශයේ දී පැහැදිළි කළේ එම සංචාරය සඳහා පැමිණිමට අනෙකුත් රටවල් බියට පත් වූ බවය.එය පදනම් කරගෙන ආසියානු ක්‍රිකට් සම්මේලනය තරගාවලිය ප්‍රතික්ෂේප කළ බවය.නලීන් බණ්ඩාර මංත්‍රීවරයාගේ දේශපාලන කඳවුර ද රට පවතින පාලනය යටතේ බංකොළොත් වී ඇති බව පිළිගන්නේය.ඒ තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය ආදි සියල්ල ප්‍රතික්සේප වි ඇති බවත්,එම අකාර්යක්ෂම සහ අදූරදර්ශි පාලනය යටතේ මෙරටට විදේශිකයන් පැමිණිම සිඳු නොවන බවද පවසන්නේය.
ඒ ආකාරයෙන් බලන විට, එම තත්ත්වය යටතේම තරගාවලිය පවත්වන්නට වෙනත් රටවල් එකඟ නැති බව කියන ශම්මි මිල්වා සභාපතිවරයාගේ ප්‍රකාශය නලීන් බණ්ඩාර මංත්‍රීවරයාගේම දේශපාලන අදහස සහතික කිරීමක් වුව එතැනදී මංත්‍රීවරයා සභාපතිවරයාට එරෙහිව දක්වන අදහස්වලින් පැහැදිළිවන්නේ තරගාවලිය පවත්වන්නට,සංචාරකයන්ට මෙරටට පැමිණෙන්නට අවශ්‍යය පහසුකම් සහ ඊට සුදුසු පරිසරයක් රටේ පවතින බව ද යන්න දේශපාලනික වශයෙන් මංත්‍රීවරයාගේම දේශපාලන මතයට ප්‍රතිවිරුද්ධ අදහසක්ය.කෙසේ වුව මංත්‍රීවරයා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිඳු කරේ නැති අතර ඔහු අවධානය යොමු කළේ මංත්‍රීවරයා තමන්ව නොදන්නා බව කීම සහ තමන්ගේ ගණිතමය දැණුම ගැන ශම්මි සිල්වා සභාපතිවරයා විසින් පැවසූ දේ සම්බන්ධයෙන්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...