රට ඉබාගාතේ යන එක වළක්වන්න නම් සමාජ මාධ්‍ය පාලනය කරන්නම වෙනවා – එස්.එම්.චන්ද්‍රසේන

Date:

කොළඹ LNW:රට ඉබාගාතේ යාම වැළැක්වීමට නම සමාජ මාධ්‍ය පාලනය කළ යුතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මඩ ගැසීම් ඒවායේ ප්‍රමුඛ කාරණය වී තිබෙන අතර මඩ ගසා ජන්ද ගැනීමේ මෙහෙයුමක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”සමාජ මාධ්‍ය යම්කිසි ප්‍රමාණයකින් පාලනය කරන්න වෙනවා වැරදි ප්‍රවෘත්ති පළවීම වැලැක්වීම සඳහා. ඒ වගේම පුද්ගල චරිත වලට මඩ ගැසීම නැවත්වීම සඳහා. සමහර අයට මඩ ගහනවා තාත්තට මඩ ගැහුවහම දුවට පුතාට පාරේ යන්න බැහැ. මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සම්පූර්ණයෙන්ම කණපිට හරවල මඩ ප්‍රහාර එල්ල කරන්නේ. සමාජ සංශෝධනයක් වගේම පිරිසිදු මාධ්‍යක් ඇති කරන්න නම් අපිරිසිදු දේවල් ඉවත් කළ යුතුයි. ඊයේ පෙරේදා පක්ෂයක් අනුරාධපුරේදී රැස්වීමක් තිබ්බා තනිකරම මට මඩ ගැහුවේ. සමහර සමාජ මාධ්‍ය ජලාත් පාවිච්චි කරනවා මඩ ගහල ජන්දේ ගන්න. ඒවා යම්කිසි විදිහකට පාලනය කළ යුතුයි. නැත්නම් රටක් විදිහට නන්නත්තාරේ,ඉබාගාතේ යන රටක් බවට පත්වෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට. 366 ක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...