රට ඉබාගාතේ යන එක වළක්වන්න නම් සමාජ මාධ්‍ය පාලනය කරන්නම වෙනවා – එස්.එම්.චන්ද්‍රසේන

කොළඹ LNW:රට ඉබාගාතේ යාම වැළැක්වීමට නම සමාජ මාධ්‍ය පාලනය කළ යුතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මඩ ගැසීම් ඒවායේ ප්‍රමුඛ කාරණය වී තිබෙන අතර මඩ ගසා ජන්ද ගැනීමේ මෙහෙයුමක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”සමාජ මාධ්‍ය යම්කිසි ප්‍රමාණයකින් පාලනය කරන්න වෙනවා වැරදි ප්‍රවෘත්ති පළවීම වැලැක්වීම සඳහා. ඒ වගේම පුද්ගල චරිත වලට මඩ ගැසීම නැවත්වීම සඳහා. සමහර අයට මඩ ගහනවා තාත්තට මඩ ගැහුවහම දුවට පුතාට පාරේ යන්න බැහැ. මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සම්පූර්ණයෙන්ම කණපිට හරවල මඩ ප්‍රහාර එල්ල කරන්නේ. සමාජ සංශෝධනයක් වගේම පිරිසිදු මාධ්‍යක් ඇති කරන්න නම් අපිරිසිදු දේවල් ඉවත් කළ යුතුයි. ඊයේ පෙරේදා පක්ෂයක් අනුරාධපුරේදී රැස්වීමක් තිබ්බා තනිකරම මට මඩ ගැහුවේ. සමහර සමාජ මාධ්‍ය ජලාත් පාවිච්චි කරනවා මඩ ගහල ජන්දේ ගන්න. ඒවා යම්කිසි විදිහකට පාලනය කළ යුතුයි. නැත්නම් රටක් විදිහට නන්නත්තාරේ,ඉබාගාතේ යන රටක් බවට පත්වෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...