න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවත් එක්වෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් කර තිබේ.

ඒ සමඟ ගිවිසුමේ 69 වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  

2017 ජුලි 07 වනදා සම්මත කරන ලද නිව්යෝර්ක්හි එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව ද සහභාගී වූ අතර එය සම්මත කිරීමට පක්ෂව ඡන්දය දුන් 122 දෙනා අතර ශ්‍රී ලංකාව ද වෙයි.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමට එළඹීම සඳහා වන ලියකියවිලි නිව්යෝර්ක්හි පැවැත්වෙන ජගත් මහාමණ්ඩල 78 වන සැසිවාරයට සමගාමීව පැවති ඉහළ මට්ටමේ උත්සවයකදීඅමාත්‍ය අලි සබ්රි මහතා විසින් භාර දී ඇත.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම මගින්  න්‍යෂ්ටික අවි හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවර්ධන, පරීක්ෂා කිරීම, නිෂ්පාදනය අත්පත් කර ගැනීම සන්තකයේ තබා ගැනීම හෝ ගබඩා කිරීම තහනම් කර ඇත.

ASK 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...