Tuesday, December 12, 2023
spot_img

Latest Posts

2023 වසරේ යුරේකා ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙකුට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  2023 වසරේ යුරේකා ත්‍යාගය හිමිකර ගැනීමට මහාචාර්ය කරූ එස්සැල්ල මහතා සමත්ව ඇත. ඒ ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා කැපී පෙනෙන අයුරින් විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් හිමිවන ත්‍යාගයයි.

ඕස්ට්‍රේලියානු මෙටාස්ටියරර්ස් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ මහාචාර්ය කරූ එස්සැල්ල මහතා විසිනි.

සතුරන් සමඟ සටන් වදින විට ඕස්ට්‍රේලියානු හමුදාවට වාසියක් ලබා ගැනීම සඳහා උදව් වන අඩු අවධානයක් යොමු වන පරිදි සහ අවම බලශක්තියක් වැය කරමින් ඇන්ටනා හැසිරවිය හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහ මැකෝරි විශ්ව විද්‍යාලයේ  මෙටාස්ටියරර්ස් කණ්ඩායම සමත් වී ඇත.

මෙම අරුම පුදුම පද්ධතිය සහිත ඇන්ටනාවකට සතුරන්ගේ අවධානයට හසු නොවෙමින් විශාල දත්ත පරිමාවක් සම්ප්‍රේෂණය කිරීමට හෝ සැක සහිත රේඩියෝ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය පිරිනමනු ලබන මෙම යුරේකා ත්‍යාග එරට විද්‍යාව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම ත්‍යාගය වන බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.