ඉන්දියාවේ ව්‍යවස්ථාදායකයට තේරී පත්වන කාන්තාවන් දැකීම තව බොහෝ දුර වන ලකුණු

Date:

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහ ප්‍රාන්ත සභාවල ආසන තුනෙන් එකක් කාන්තාවන් සඳහා සහතික කෙරෙන පනත් කෙටුම්පතක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් පසුගිය දා සම්මත කරගෙන තිබිණි.

එය නාරි ශක්ති වන්දනා අධිනියාම් ( කාන්තා බලයට ආචාර කිරීමේ පනත) ලෙස හදුන්වන අතර ඒ සඳහා පැමිණ සිටි මන්ත්‍රීවරුන් 456 න් 454 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් අගමැති මොදී ප්‍රකාශ කර තිබුණේ, මෙමගින් කාන්තා සවිබල ගැන්වීම ඉහළ නංවන අතර අපගේ දේශපාලන ක්‍රියාවලියට කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වයක් ඇති කිරීමට හැකි වනු ඇති බවයි.

නමුත් එය ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව මීළඟ සංගණනය සහ මැතිවරණ කොට්ඨාශවල සීමා නැවත සකස් කිරීමට පසුව වන බැවින් ව්‍යවස්ථාදායකයට තේරී පත්වන කාන්තාවන් දැකීමට තව බොහෝ කලක් ගතවනු ඇත. එය දිගු කාලින සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර බිලියන 1.4 ක ජනතාවක් ගණනය කිරීමේ දැවැන්ත කාර්යක් වනවා පමණක් නොව ඒ සඳහා වසර කිහිපයක් ගතවීමටද හැකිය.

1966 තරම් මුල් කාලයේ ඉන්දියාවේ අගමැතිවරියක් සිටි අතර විශාලතම දේශපාලන පක්ෂ සමහරක් කාන්තාවන් විසින් මෙහෙයවනු ලැබිණි. වත්මන් ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඇතුළු රාජ්‍ය නායිකාවන් දෙදෙනෙක් ද රටට සිටින අතර ඉන්දියාව කලක පටන් කාන්තාවගේ දේශපාලන ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩයි.

මේ සම්බන්ධයෙන් හඬ නගමින් හිටපු කොන්ග්‍රස් සභාපතිනි සෝනියා ගාන්ධි ප්‍රකාශ කර තිබුණේ, මෙය වහාම ක්‍රියාත්මක කළ යුතු බවත්, නොපැහැදිලි කාල රාමුවක් තබා ගනිමින් රජය මිලියන සංඛ්‍යාත ඉන්දියානු කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ බලාපොරොත්තු සුන් කරණ බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...