Tuesday, December 5, 2023
spot_img

Latest Posts

මීලාදුන් – නබි දිනය වෙනුවෙන් ජනපති රනිල් නිකුත් කළ පණිවිඩය

ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මුද් නබි නායකතුමාගේ උපත යෙදෙන මීලාදුන් – නබි උත්සවය සමරන ශ්‍රී ලාංකික ඉස්ලාමීය ජනතාවට මෙන්ම ලෝකවාසී සියලු ඉස්ලාමීය ජනතාවට මාගේ සුබපැතුම් පිරිනමමි.

සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

එකල සමාජය තුළ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ විය. විශ්වාසය සහ මිනිසත් බව වෙනුවෙන් කළ අසීමිත කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස එතුමා ප්‍රාර්ථනා කළ විජයග්‍රහණය උදා කර ගැනීමට හැකි විය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග වූ අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මෙම අවස්ථාවේ අප ජීවිතවලට ද පරමාදර්ශයක් කරගත යුතුය. එසේම එතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කර සහජීවනය ඇති කිරීමට කැපවීම එතුමාට සිදුකළ හැකි ඉහළම ගෞරවය බව මම විශ්වාස කරමි.

නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි මෙම උතුම් දිනයේ මම සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රීතිමත් මීලාදුන් – නබි දිනයක් වේවා !

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.