බට්ටි රශ්මිකා සමඟ එක්ව රැස් විහිඳුවයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 30, (LNW) කොළඹ :

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ වඩාත් කතා බහට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමෝදි ප්‍රබෝධා හෙවත් 16 මැවිරිදි මොණරාගල බට්ටි මේ දක්වා පන්දු යවන්නියක ලෙස දක්වා තිබුණු දක්ෂතා අතරට ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන තුන් කොන් තරගාවලියේ දී පිතිකාරිණියක ලෙස ද අවස්ථානුකූලව තමාට හැසිරීමට හැකි බව ඔප්පු කළා.නවසීලන්තය,ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම් සශභාගි වෙන තුන් කොන් තරගාවලියේ දී තරගාවලිය පුරා පන්දු යවන්නියක ලෙස වැඩි විශ්වාසයකින් කණ්ඩායමට එක් කරගෙන සිටින රශ්මිකා සෙව්වන්දි පිතිකාරීනියක ලෙස කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටිනවා.


මෙහිදී ඔස්ට්‍රේලියාවේ ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකා පිතකාරිණියන් අසරණව ලකුණු 125 ට කඩුලු නවයක් අහිමිව ගිය මොහොතේ රශ්මිකාට සිය ඉණිම සමඟ ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව ඔසවා තබන්නට ඉතිරිව සිටියේ 15 හැවිරිදි චමෝදි පමණයි.චමෝදි එම වගකීම අකුරටම ඉටු කරමින් සිය කඩුල්ල රැක ගනිමින් පන්දු 36 ක් පුරා පන්දුවට පහරදී ලකුණු 18 ක් ලබා ගන්නේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව 180 දක්වා ඔසවා තබන්නට සිය දායකත්වයත් ලබා දෙමින්.අවසාන කඩුල්ලට එකතු වූ ලකුණු 55 ක ගනා සබඳතාවයට රශ්මිකා සෙව්වන්දි පන්දු 51 දී නොදැවි රැස් කළ ලකුණු 56 ඇතුළථ් වන අතර ඇයගේ ලකුණු 56 තරම්ම වටිනා ලකුණු 18 ක් චමෝදි ද,තමන් මෙන් දෙගුණයක් ප්‍රමාණයෙන් විශාල පන්දු යවන්නියන් ඉදිරියේ රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව ස්‍රතිවාදින්ට සටනක් දිය හැකි ලකුණු ප්‍රමාණයක රඳවන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...