ආහාර අනාරක්ෂිතභාවය උග්‍ර අතට – ශ්‍රී ලංකාවත් ඉතියෝපියාවේ සෝමාලියාවේ තත්වයටම !

Date:

ඉදිරි මාස කිහිපය තුළ ලොවපුරා රටවල් 19 ක ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. රුසියානු-යුක්රේන අර්බුදය, දේශගුණික විපර්යාස, වසංගත සහ කලාපීය ගැටුම් මේ සඳහා බලපාන බවයි එම සංවිධානය පවසන්නේ.

විශේෂත්වය වන්නේ ආසියාවේ ආශ්චර්යය වන ශ්‍රී ලංකාවද අදාල රටවල් කාණ්ඩයට අයත් වීමයි. ඇෆ්ගනිස්තානය, දකුණු සුඩානය, යේමනය, ඉතියෝපියාව, සෝමාලියාව ඇතුළු රටවල මට්ටමටම ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය උග්‍ර වී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම වාර්තාව නිකුත් කර තිබෙන්නේ ලෝක ආහාර වැඩසටහන විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා දක්වමිනි.

පසුගිය ජුනි මාසයේදී ලෝක ආහාර වැඩසටහන වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරගත නොහැකි මට්ටමට මෙරට ආර්ථිකය පිරිහී ඇති අතර දේශීය ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා.

ආහාර අර්බුදය උග්‍ර ලෙස බලපා ඇති ශ්‍රී ලාංකිකයන්ට සහන සැළසීම සඳහා ලෝක ආහාර වැඩසටහන සිය දායකත්වය දක්වමින් සිටින අතර මේ වනවිටත් එම සංවිධානයේ සහනාධාර 50% කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත සපයා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...