ඉන්දියාව-මැදපෙරදිග-යුරෝපය යා කෙරෙන නව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කෙරේ

පසුගියදා දිල්ලියේ පැවැති G20 සමුළුවට සමගාමීව එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී සමඟ එකතුව ඉන්දියාව-මැදපෙරදිග-යුරෝපී යා කරමින් නව ආර්ථික කොරිඩෝවක් (IMEC) නිර්මාණය කිරීමට සුදානම් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම ආර්ථික කොරිඩෝව ඉදිරි වසර සිය ගණනක ලෝක වෙළෙඳාමේ පදනම බවට පත්වනු ඇතැයි ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර මේ හරහා යුරෝපය සහ ආසියාව අතර දුම්රිය හා නාවික ජාල හරහා ප්‍රවාහන හා සන්නිවේදන සම්බන්ධතා ජාල පුළුල් වනු ඇත.

චීනය විසින් සංවර්ධන පියසටහන හරහා උපාය මාර්ගික බලපෑමක් ලබා ගැනීමේ යටි අරමුණු ඇතිව, අග්නිදිග ආසියාව, මධ්‍යම ආසියාව, රුසියාව සහ යුරෝපය සමඟ සම්බන්ධ කරන වන් රෝඩ් වන් බෙල්ට් ව්‍යාපෘතිය වෙනුවෙන් IMEC කොරිඩෝව එක්සත් ජනපදයේ ප්‍රතිමූර්තියක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දී තිබේ.

මෙම ව්‍යාපෘතියට සම්බන්ද වීමෙන් ඇමරිකාවට විශේෂ ප්‍රතිලාභයක් නොමැති මුත් වැඩෙන චීන ව්‍යාප්තවාදය හමුවේ ඉන්දියාවට සහය ලබා දීමෙන් සිය රාජ්‍යතාන්ත්‍රික පැවැත්ම තහවුරු කරගනු ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...