*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ෆුට්බෝලෙන් රටම දිනවන ගෝල් එකක් ගහන්න ට්‍රයි කරන කෙනෙක්….

ශ්‍රී ලංකාව පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉන්නෙ 207 වන ස්ථානයේ.ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඇවිත් තියෙන හොඳම තැන 122. පාපන්දුවෙන් රටක් කණපිට හරවන්න පුළුවන් කියලා විශ්වාස කරන පුද්ගලයෙක් ඉන්නවා සෝමාලියාවේ.සෝමාලියාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්ව ඇවිත් තියෙන ඉහළම තැන,158.අද සෝමාලියාව ඉන්නෙ 204.ශ්‍රී ලංකාවට උඩින්.

සෝමාලියාව උඩින්ම තියෙන්නෙ මොන ජාතියේ වැඩ නිසාද කියන එක බොහෝ දෙනෙක්ට අමුත්තක් නොවේ.දරිද්‍රතාවය,මානව හිමිකම් කඩවීම්වලින්.මුහුදු මංකොල්ලකරුවන්ගෙන්,කුසගින්නෙන් ගෝත්‍රවාදයෙන්,ම්ලේච්ඡ ඝාතනවලින්.ඒ වගෙම සෝමාලියාව ආගම විශ්වාස කරන මිනිස්සු වැඩිම පිරිසක් ඉන්න රට හැටියටත් ජාත්‍යන්තර සමීක්ෂණවලින් හඳුනාගෙන තිබෙනවා.ඒ ලැයිස්තුවේ වේගයෙන් උද්ධමනය අතින්,කුසගින්න අතින් ඉදිරියට එමින් සිටින දරිද්‍රතාවයේ පතුළටම වැටෙමින් තිබෙන ශ්‍රී ලංකාව අටවන තැන වගෙ තැනක ඉහළින් රැඳෙන්නත් සමත් වෙලා තියෙනවා.

මේ රටවල ක්‍රීඩාව,දේශපාලනය හැමදේම එකට කළවම් වෙලා තියෙන්නෙ.සෝමාලියාව වගේ අන්ත අන්තවාදී තීරණ යටතේ තියෙන රටක ක්‍රීඩාවට හැකියාව පමණක් මදිවෙන අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා.පරිපාලනයේදීත් ඒ වගෙ අවස්ථා උදාවෙනවා.නිස්සන් සුදුස්සන් වීමේ ඛේදවාචකය සහිත දේශපාලන ව්‍යහුයක් ඇතුළෙ හැමදේම වගෙම ක්‍රීඩාවත් බහුතරයකගේ සතුට විනාශ කරන සුළු පිරිසකගේ බඩකට පුරවන මෙවලමක් බවට පත්වෙනවා.එහෙම රමුවක් අස්සෙ පවතින රටක මානව ප්‍රේමයක් එකිනෙකා කෙරෙහි ඇති කරන්න ක්‍රිඩාවකට පුළුවන්නම්,රටම උස්සලා අරං ඒ ප්‍රේමය මත වෙන පැත්තකට හරවන්න පුළුවන්. එහෙම හිතන මනුස්සෙක් පාපන්දුවේ මුල් පුටුවට එන්න උත්සාහ කිරීමක් සෝමාලියාවෙන් වාර්තා වෙනවා.

පාපන්දු යනු සෝමාලියාවේ සාමය සහ සමගිය සඳහා වන දොරටුවයි, මේ හේතු පාඨයසමඟ සෝමාලියාවේ පාපන්දු මුල් පුටුවට උත්සාහ කරන මොහොමඩ් කැන්ටූබෝ ඒ සම්බන්ධ ප්‍රායෝගික නිදසුන් දැක්විය හැකි ඉතිහාසයකට හිමිකම් කියන්නෙක්.ඔහුගේ පාපන්දු පරිපාලනයේ වැදගත්ම සංධිස්ථානය හැටියට ගැනෙන්නෙ මොගඩිෂු පාපන්දු සමාජය ජාතික සූරතාවය සඳහා මෙහෙයවීමයි.නමුත් ඔහු ක්‍රීඩාවට ආදරය කරන්නෙක්ම පමණක් නොවෙයි.ඔහු පරිපාලන කේෂ්ත්‍රයේ වෘත්තීය අත්දැකීම් සහ සමාජ මෙහෙවරේ බැදුණු අත්දැකීම් සහිත ප්‍රවීනයෙක් ද වෙනවා.

කැන්ටුබෝ දැනටමත් බෙනාඩීර් ප්‍රාදේශිය පරිපාලනයේ සමාජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනවා.එසේම ඔහු කාලයක් එංගලන්තයේ බ්‍රිස්ටල් හි ප්‍රජා උපදේශන සහ සමාජය බලමුළු ගැන්වීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධව සේවය කර අත්දැකීම් උපයාගත් අයෙක්.

ඔහු පවසන්නේ මොගඩිෂු නුවරට යාබද ප්‍රදේශවල ප්ලාස්ටික් වතුර බෝතල්වලින් නැවත නැවතත් තාවකාලික ගෝල් කණු සාදාගෙන පාපන්දු ක්‍රීඩා කරන තරුණයන්ගේ සුලබ දසුනට අනාගතයක් තිබිය යුතු බවයි.වසර ගණනක් පුරා ත්‍රස්තවාදී ගැටුම්වලින් ඉරා දමා තිබෙන රටේ පාපන්දු ආදරයේ සිහිනය නැවත යථා තත්තවයට ගෙන යථාර්තයක් වනු දැකීම සෝමාලියානුවන්ගේ සිහිනය බවට පත් කිරීම කැන්ටුබෝ ගේ අදහසයි.
ඒ හැඟීම සහ ප්‍රකාශය තුළ ඇති පදනමම ක්‍රීඩාවේ සමාජ දේශපාලනය කියවීමකි.ක්‍රීඩාව මිත්‍රත්වයේ සාධකයකි.හැකියාවට ගරු කිරීමේ සාධකයකි.අනෙකාව ඉවසන්නට හුරු කිරීමකි.නූතණ ආගම යනු අනෙකාගේ ආගම විනාශ කිරිමේ සන්නද්ධ කාර්යයක් බවට පත් වි ඇති සහ එවැනි උවමනා ඇති ඊනියා පූජකවරුන්ගේ ක්‍රියාවන්ගෙන් පිරුණු තැනකි.සෝමාලියානු ත්‍රස්තවාදය සමඟ බැදුණු බිහිසුණු දරිද්‍රතාවය ද ඊට ඇළුණු එකක් බැවින් උන්මාදයක් සමඟ සටනකට පිවිසෙන්නට කැන්ටුබෝ ට සිඳුවෙනවා ඇත.

මිනිස් හිත් සමඟ හිස් 65000 ක් පුරවන්නට හැකි මොගඩිෂු පාපන්දු ක්‍රීඩාංගණය හිස්ව පැවත නැවත සක්‍රීය වීමෙන් ජනතාවගේ හඩ සහ විනිසුරුවන්ගේ විසිල් හඬින් කළමනාකරනය වන තරග ගැන කැන්ටුබෝ ට ඇති හීනය සුන්දරය.තරගයක් ඊට අදාළ වූ ව්‍යහුයක තනි පුද්ගලයෙක්ට ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයින් මෙන්ම පිරි ඇති 65000 කගේ උද්දාමයට පත් හැඟීම් ද සිය විසිල් හඬින් පාලනයට ගත හැකි සමාජයක් කියන්නේම සදාචාරවත් සංස්කෘතික භාවිතයක්ය.එය සෝමාලියාවට තවත් සුවිශේෂීය.සෝමාලියාව යනු ඒ තරමට බෙදී ඇති ගැටුම් ඇති රටක්ය.

ක්‍රීඩාව ඕනෑම ජාතියක් ගොඩනැගීමේ ප්‍රයත්නයක ප්‍රධාන සහ අත්‍යවශ්‍ය අංගයකි.කැන්ටුබෝ එසේ පවසයි. එය සෝමාලියාවට ආදේශ කරමින් ඔහු වැඩි දුරටත් බෙදිම් මඟින් ගැටුම් සහිත වූ සමාජයක් ඉන් ඉවතට තල්ලු කර ගැනිම සඳහා ක්‍රීඩාවේ ඇති කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, නායකත්වය, ඉවසීම සහ අධිෂ්ඨානය, සෞඛ්‍ය සම්පන්න ගති ලක්ෂණ වැනි ලක්ෂණ ඉස්මතු කර ගත යුතු බව පවසයි.

නොසැලකිලිමත්කම සහ නොහැකියාව පිළිබඳ චෝදනාවලින් පිරුණු සෝමාලියානු පාපන්දු පරිපාලනයේ නායකත්වයේ වර්තමානය මෙන් නොව, මම විශ්වාස කරන්නේ පාපන්දු බලය සෝමාලියාවේ සාමය සහ එකමුතුකම සඳහා දොරටුවක් ලෙස පවසන කැන්ටුබෝ,එය නිවැරදි හා අවංක ගමන් මාර්ගයක ස්ථාපිත වන්නේනම් ජාතිය ගොඩනැගීම සඳහා ප්‍රබල මෙවලමක් වනු ඇති බව ද පවසයි. ගෝලීය වශයෙන් සෙසු සෝමාලියානු පාපන්දු ලෝලීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට සහය පළ කරන කැන්ටුබෝ පාපන්දු අධිකාරියේ SFF හි වැරදි කළමනාකරණය සහ දූෂණය අවසන් කරමින් එම පරිපාලනය යහපත් කිරීමේ හැකියාව තමන්ට ඇති බව පවසයි.

ක්‍රීඩාව සමාජය යහපත් දෙසට ගෙන යන දේශපාලනික මෙවලමක් බව කැන්ටුබෝ විශ්වාස කරන බව ඔහුගේ ඉතිහාස අත්දැකීම් පැහැදිළි කරයි.බ්‍රිතාන්‍යයේ සිට නැවත 2016 දී සිය රට පැමිණෙන ඔහු, ප්‍රජා අවශ්‍යතා ශක්තිමත් කිරීම සහ අනුබල දීම සහ නාගරික ප්‍රතිසාධන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා මොගඩිෂුහි දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කොමසාරිස්වරයාගේ වැදගත් කාර්යයට උර දෙද්දී ක්‍රියා කර ඇති ආකාරයෙන්ද එය පැහැදිළිය.ඔහුගේ සම දායකත්වය ඇතිව ඇරඹි වාර්ෂිකව පැවත්වෙන මොගඩිෂු මිනි මැරතන් ඉසව්ව එවැන්නකි.එයට දිස්ත්‍රික් 17 නියෝජනය වන මිලියන තුනක විවිධ වූ හැඩ සහිත සෝමාලියානු ජනතාව අතරින් විශාල පිරිසකගේ සහභාගීත්වය සිඳුව ඇත.

එසේම මොගඩිෂු පාපන්දු සමාජය යළි ඉපැද්දීම මෙන්ම එය ජාතික සූරතාවය සඳහා කැඳවාගෙන යාමේ මඟ පෙන්වීම ද කැන්ටුබෝගේය.ඔහු පාපන්දු ක්‍රීඩාව හඳුන්වන්නේ සමාජ ආයතනයක් ලෙස ය.සමාජය යහපත් ක්‍රියාදාමයන් සමඟ ක්‍රියාශීලී සෞඛ්‍ය සමපන්න දිශාන්තියකට හැරවීමේ හැකියාව පාපන්දුවට ඇති බව පෙන්වා දෙන හෙතෙම එරට සියයට හැටක් වන තරුණ ජනතාවගේ ඉදිරිගාමී යහපත වෙනුවෙන් එහි ඇති වැදගත්කම ද පැහැදිළි කරන්නේය.

අවුරුදු 25 ට අඩු වූ එම ප්‍රජාව විරැකියාව,වැනි කරුණු අරභය නිරන්තරයෙන් ඇති කරන කළකිරීමේ පීඩනයෙන් හෙම්බත්වන බව පෙන්වා දෙයි.නමුත් ඔවුන්ගේ ජවය පාපන්දු ක්‍රීඩාව විසින් ප්‍රයෝජනයට ගන්නේනම්,ඔවුන්ගේ පෝෂණය සහ අධ්‍යාපනය ඒ හරහා ඉටු කරන්නේනම් එය රටට ආශිර්වාදයක් කර ගත හැකි බව පෙන්වා දෙන කැන්ටුබෝ,ඒ සම්පත් සහිත තරුණ ප්‍රබෝධය පිණිස වන පාපන්දු ඇකඩමි ඇරඹිම ස්වීය පාලනයක් යටතේ රටට පලදායී අන්දමින් සිඳුකරන බව පෙන්වා දෙන්නේය.

නමුත් දේශපාලන අධිකාරියට ඒවා වෙනස් කරන්නට ද ඉඩ ඇත.එරට ජනාධිපතිවරයා වත්මන් පරිපාලනයේ මඟ පෙන්වීම මත ලෝක පාපන්දු ප්‍රධානීන් ඉදිරියේ කරන සාකච්ඡා අනුව අතැම් විට වත්මන් පාලනයට එල්ලවන චෝදනා අපතේ යන්නට ද ඉඩ ඇත.මෙවැනි දේ නූගත් සහ දුප්පත් වූ ආගමික වශයෙන් නොව දේශපාලන පක්ෂ ලෙස ද අගතිගාමී බව නොපෙනෙන,නොදැනෙන තරමට අන්තගාමී වූ සමාජයක් තුළ වැරදි ආශිර්වාද කර පිළිගැනීම මෙන්ම සියල්ල දේශපාලන බලය සමඟ වන සම්බන්ධතා මත තීරණය වීම ද සිඳුවිය හැකිය.ඒවා සෝමාලියාවට පමණක් නොව වෙනත් ඕනෑම රටකට විය හැකි අනතුරුය.

ශ්‍රී ලංකාව සමබන්ධයෙන් සෝමාලියාවට සාපේක්ෂව ගත් විට ඔවුන් කවදාවත් අප තරම් ඉදිරි අංකයක් ලෝක ශ්‍රේණිගත කිරීම් හී ලබා නැති බව ඇත්තක්ය.එසේම වර්ථමානය වන විට ඔවුන් ඉන්න තැන බැලු විට ශ්‍රී ලංකාව ඔවුන්ටත් වඩා පහළට වැටීම ශ්‍රී ලංකාවේ පාපන්දුවේ ඉරණම ගැන කියවා ගන්නෙකුට ඊට වඩා වැදගත්ය.දිනන්නට හෝ පරදින්නට අපට තවමත් පැහැදිළි ස්වරයෙන් වැඩ පිළිවෙලක් සහිතව සමාජයට පාපන්දු ගෙන යන ආකාරය පෙන්වන කැන්ටුබෝ කෙනෙක් පෙනෙන්නටත් නැත.අර්බූදය එතැනය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan