*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඩොලර් මිලියන 12 කට අධික වෛද්‍ය ආධාර!

වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඩොලර් මිලියන 12 කට අධික වෛද්‍ය ආධාර සඳහා පහසුකම් සැපයේ

2022 ජූලි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සපයාදීම සදහා, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව කටයුතු කරමින්, සුවිශේෂී මාවතකට පැමිණ ඇත. මේ වන විට ඖෂධ තොග තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යවා ඇති අතර හතරවැන්න ඔක්තෝබර් 02 වැනිදා ගොඩබෑමට නියමිතය. ඖෂධ තොග 4 හි මුළු වටිනාකම ඇ.ඩො. 12,645,150 කට අධිකවේ. අද විනිමය අනුපාතිකයට අනුව, මෙය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.6 ක් (හරියටම රු. 4,588,925,697) වේ.

මෙම වසර මුලදී එක්සත් ජනපදයේ පරිත්‍යාගශීලීන්ගේ සංවිධාන සමග සම්බන්ධ වූ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා, උග්‍ර අවශ්‍යතා ඇති සිය දහස් ගණන් ශ්‍රී  ලාංකිකයන් කෙරෙහි දැක්වූ  ත්‍යාගශීලීභාවය වෙනුවෙන් Heart to Heart International, Hope Worldwide සහ Americares යන සංවිධාන වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදී. රටේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීම උදෙසා, මානුෂීය සංවිධාන සහ නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටද තානාපතිවරයා අදහස් කරයි.

2022 ජුලි මස ආරම්භයේදී, Heart to Heart International ආයතනය විසින් ඇ.ඩො. මිලියන 9.131 ක් වටිනා ආධාර තොග දෙකක් ලංකාවට යවා ඇත. සැප්තැම්බර් මාසයේදී Americares ආයතනය විසින් කොළඹට යවන ලද ආධාරවල වටිනාකම ඇ.ඩො. මිලියන  773,000 ඉක්මවයි. ඔක්තෝම්බර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට යැවීමට නියමිතය Hope Worldwide හි ආධාර තොගයේ වටිනාකම ඇ.ඩො. මිලියන 2.74කට වඩා අධිකය. ආධාර තොග භාර ගන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්, මෙම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ලබන්නන් සහ ගමනාන්තයන් පිළිබද සවිස්තරාත්මක වාර්තා එම ආධාර කරනු ලැබූ පරිත්‍යාගශීලී ආයතන වෙත ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂිංටන් ඩී.සී

2022 ඔක්තෝබර් මස 03

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan