අද (04) මධ්‍යම රාත්‍රියේ මිල වැඩි වෙන ගෑස්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දැමෙන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි.කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,393ක් වෙයි.කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650 ක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

එසේම, ලාෆ්ස් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985කි.ලාෆ්ස් කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595කි.

එසේම කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...