සත් සාමාජික රගර් වසන්තය අලුත් වර්ණයකින් හෙටයි – අනිද්දයි

Date:

කොවිඩ් වසංගත සමයත් සමඟ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියට වැසී ගිය දොරටු නැවත විවර කරමින් හෙට සහ අනිද්දා (ඔක්තෝම්බර් 8 සහ 9) අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රගර් තරගාවලිය, ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස කොළඹ තුරඟ තරග පිටියේදී ඇරඹෙනවා. මීට පෙර අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය මෙවර ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය ලෙස හැඳින්වෙන්නේ රග්බි සම්මේලනය ගත් තීරණයකට අනුවයි. නමින් වෙනස්වන අලුත් හැඩය වර්ණවත් කිරීමට මූලිකත්වය ගන්නා අනුග්‍රාහකයා බවට නිපොන් පේන්ට් පත්ව තිබෙනවා. පාකිස්තාන තානාපති කාර්යාලය, Webex Pay, ප්‍රීමා කොත්තු මී, Turkish Airline, Elephant House සහ සිද්ධාලේප මෙහි සහය අනුග්‍රහකයන් ලෙස තරගාවලියේ පැහැය තව දුරටත් විචිත්‍රවත් කිරිමට එක්ව සිටිනවා.

මෙවර තරගාවලියේ පිරිමි කාණ්ඩය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිතයි. එය පිරිමි අන්තර් සමාජ කොටස ඉහළ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සහ ආරාධිත ක්‍රීඩා සමාජ අතරත් පළාත් කණ්ඩායම් අටක් යොදා ගනිමිනුත් පැවැත්වීමට නියමිතයි.

කාන්තා අදියරේ ක්‍රීඩා සමාජ හමුවන්නේ හතරක් පමණයි. එහි පළාත් අදියරට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිතයි.තරගාවලි අනුග්‍රාහකයින් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස්,අසීරු කාලයේ ක්‍රීඩාව ඉදියරට ගෙන යාමට සහයෝගය ලබා දෙන සියලු අනුග්‍රාහකයින්ට සිය ස්තුතිය පුද කර සිටියා.

පහත ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් අනුග්‍රාහකත්වය හිමි වූ මාධ්‍ය හමුවේ විවිධ අවස්ථාවන්.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...