*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

විදේශ ආයෝජනය යනු රටේ සම්පත් විකිණීම නොවේ – මහ බැංකු අධිපති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මේ දක්වා පැමිණි ගමන්මඟ සහ මින් ඉදිරියට සිදුවන ක්‍රියාදාමය පිළිබඳ සංවාදයක් පසුගියදා 2023.10.04 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

ඒ සඳහා ප්‍රධාන දේශකයා ලෙස පැමිණි මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රජය සතු වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ ජනතාව තුළ ඇත්තේ අපැහැදිළි චිත්‍රයක් බවයි.

මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට රජයේ යම්කිසි ව්‍යාපාරයකට සම්බන්ධ වීමේදී බොහෝ බොහෝ පිරිස් පවසන්නේ රාජ්‍ය දේපල විකිණීමක් වශයෙන් බවත්, නමුත් එය රජය දේපල විකිණීමක් නොව දේශීය හෝ විදේශීය ආයෝජනය කිරීමක් පමණක් බවත්ය.

එහිදී නන්දලාල් මහතා දක්වූ අදහස්,

රටේ තියන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී යම් සහයක් සහ අපේ දායකත්වයක් ලබාදෙන නිසාත්, මහ බැංකුව ලෙස අප උපදෙස් ලබා දෙන නිසාත්, අපගේ අදහස් හා යෝජනා රජයේ පාර්ලිමේන්තුව සහ විධායකය වෙත ලබා දෙන නිසාත් මම ඒ සම්බන්ධයෙන් කෙටි අදහසක් ප්‍රකාශ කරනවා.

රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත පිළිබඳ පැවැත්වූ මෙම සාකච්ඡාවේ අරමුණ, රජය සතු ව්‍යාපාර මෙතෙක් කල් අපේ රටේ ඉතිහාසයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අප බැලුවොත්, රජය සතු අයිතිය සහ කළමනාකරණය යන්න දෙකක් . රජය සතු ව්‍යාපාර, විශාල වශයෙන් සියලුම ක්ෂේත්‍ර වල පවතිනවා. උදාහරණයක් ලෙස විදුලිබල මණ්ඩලයේ විදුලිබලය කියන එකේ සියයට අනූවක් පමණ සහ රජය සතුයි. එසේම රජයෙන් එහි ආදායම කළමනාකරණය වෙනවා.

තෙල් බෙදා හැරීමේදීද රජය පැත්තෙන් විශාල කොටසක් සිදු වෙනවා. ඊට අමතරව බැංකු ක්ෂේත්‍රයේද සියයට 35ක් පමණ රජය සතුයි. රජයේ බලපෑම, එහි කළමනාකරණය සහ රජයේ පත්වීම් තුළ රජයේ මැදිහත් වීම් තිබෙනවා. එසේම රක්ෂණ ක්ෂේත්‍රයේ විශාල කොටසක් රජය සතුව තියෙනවා, srilankan airlines ද සියට සීයක් රජය සතුයි. ජලය බෙදා හැරීම, ප්‍රවාහන සේවා, දුම්රිය සේවාව ඇතුළුව විශාල වශයෙන් රජය සතුව පවතිනවා.

අපගේ ඉතිහාසය දෙස බලන කල පසුගිය වසර කීපය තුල එක් එක් රජයන් විසින් රජයේ ආදායම යොදවා හෝ රජය විසින් ණය ලබා ගෙන මේ ආයතන වල ආයෝජනය කරලා තියෙනවා, විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ කොටස් විශාල වශයෙන් ආයෝජනය කරලා තියනව. රජය සතු වත්කම් ව්‍යාපාර වශයෙන් පවතින බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කරලා තිබෙනවා.

නමුත් ජනතාවට එම මුදලට අදාලව සේවය කාර්යක්ෂමව ලබා දෙනවාද යන්න ප්‍රශ්නයක්. දැනට ඇති ණය අර්බුදයේ ප්‍රධාන හේතුව වන්නේ එවැනි ආයතන ජනතාවට තරගකාරී අයුරින් සේවය ලබාදීමට අසමත් වෙලා තියෙනවා. ඊට අමතරව රජයේ අයිතිය වශයෙන් ලැබිය යුතු දේ සහ ආයෝජකයන්ට ලැබිය යුතු දේද නොලැබී තිබෙනවා. එතන තමයි මූලිකම ප්‍රශ්නය තියෙන්නේ , මෙතෙක් ක්‍රියා කරපු ක්‍රියා කලාපය තුළ ඒ කිසිම අරමුණක් ඉෂ්ඨ් වී නෑ.
ඉහතින් සඳහන් කළ සියලුම සේවා වල එසේ සිදුවී නෑ,

ඒ නිසා අපි බලන්න ඕනි ප්‍රධාන වශයෙන් රට ඉදිරියට යාමේදී ,මෙම ණය අර්බුදය විසදා ගොඩ යන විට කෙසේද මේවා ප්‍රතිසංස්කරණය කර ගන්නේ කියන එක. එහිදී කරණ දෙකක් සැලකිය යුතුයි. එකක් රජයේ අයිතිය කෙතරම් දුරට පවත්වා ගත හැකිද යන්න සහ අනෙක වන්නේ පුද්ගලික අංශය සමග තරගකාරී ලෙස ව්‍යාපාර කටයුතු කරන්නේ කෙසේද යන්න, එසේ කරන්න නම් කෙතරම් තරගකාරී ලෙස ජනතාවට සේවය ලබාදිය හැකිද යන්න බලිය යුතුයි.

අපි සෑම විටම දකිනවා විවිධ රටවල විවිධ ක්‍රම භාවිතා කරනවා. සිංගප්පූරුවේ ගත්තත් එංගලන්තය ගත්තත් රජයේ අයිතිය තියෙනවා නමුත් කළමනාකරණය ඉතාම හොඳ ඉතාමත් ස්වාධීනව ව්‍යාපාරයක් කරන ආකාරයට පුද්ගලික අංශයත් සමඟ සාර්ථකව කරගෙන යනවා, ඒක මෙහි එක් ක්‍රමෝපායක්‌.

ඉන්දියාව දිහා බැලුවොත් රාජ්‍ය බැංකු තියනවා , ඒවයේ කොටස් පුද්ගලික අංශයට දීලා තියෙනවා ඒත් එක්කම පුද්ගලික බංකු ක්‍රියා කරන ආකාරයටම සියලුම දේ සාර්ථකව සිද්ධ වෙනවා, ඒත් රජයේ මැදිහත්වීම් කළමනාකරණයේ දී හැමෝටම එකම ආකාරයෙන් සිදුවන අතර රජය සතු තරගකාරීවයද කළමනාකරණය කරමින් රජයට නියමිත කොටස් ලබාදෙනවා.

නමුත් අපේ රටේ තියෙන ක්‍රමවේදය තුළ එම ක්‍රමය සාර්ථක වෙලා නැහැ කියන එක පේනවා.

විශේෂයෙන්ම රජය සතු ආයතන වලට පත්වීම් පත් කිරීමේදී, බොහෝ දුරට බැංකුවල හෝ අනිකුත් රජය සතු ආයතනවල සහ කළමනාකරණ මැදිහත්වීම් වල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, මිල නියම කිරීම වැනි දෑ ව්‍යාපාරයක් ලෙස කළ හැකි දෙයක් නොවෙයි. එය පළමුව සෑදිය යුතුයි . අප පළමුවෙන්ම තේරුම් ගත යුත්තේ ඇතැම් සේවාවන් එනම් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ මගී ප්‍රවාහනය රජයේ අයිතිය තිබුණද එය කළමනාකරණයේ දී මෙම ආයතන පවත්වා ගැනීමට නියමිත ආකාරයට ඉඩහසර ලබා දෙනවාද යන්න , එම තියෙන ක්‍රමවේදයට අනුව රටේ තියෙන නීතිය තුළ ද ඒ ස්ථාපනය කරන්නේ කොහොමද යන්න තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.

බොහෝ විට දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට රජයේ යම්කිසි ව්‍යාපාරයකට සම්බන්ධ වන විට බොහෝ අය කියනවා මේක රාජ්‍ය දේපල විකිණීමක් කියලා.

මම කෙටියෙන් කියන්න කැමතියි රජය දේපල විකිණීම කියලා කියන්නේ දේශීය හෝ විදේශීය ආයෝජනය කිරීමක් නොවේ. ආයෝජනය කිරීම තුලින් කරනුයේ රට තුළ එම ව්‍යාපාරයට තරඟකාරී ලෙසින් සම්බන්ධ වෙලා ජනතාවට යම් කිසි තරගකාරිය ලෙස සේවය ලබා දෙමින් රටේ ඉන්න ජනතාවට රැකියා අවස්ථා ලබා දීලා රටට සේවයක් තමයි මෙයින් සිදු වන්නේ,
මෙයින් රටේ වටිනාකම වැඩි කිරීමක තමයි කරන්නේ. ඒ අවස්ථාවේදී ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි එසේ නොකර ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට නොහැකියි.

බොහෝ වෙලාවට අපි දකින මතය තමයි රාජ්‍ය දේපල විකිණීම කියන එක. නමුත් ඒක ඊට වඩා වෙනස් මතයක් . කාගේ හෝ දේපළක් කියන්නේ බදු ගෙවන ජනතාවගේ දේපල. එයාලට ඒ වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය ලැබෙන්නේ නැතිනම් කළ හැකි අයකු ලවා මුදල් ආයෝජනය කරමින් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒක තමයි ආයෝජනයක් කියලා කියන්නේ, එවැනි ආයෝජන කෙරෙහි වැරදි මතයක් ගොඩ නගමින් ආණ්ඩුව විකුණන්න හදනවා විදේශ කුමන්ත්‍රණ ලෙසිනුත් කියමින් වැරදි මත ප්‍රකාශ කරනවා “

යනුවෙන් නන්දලාල් වීරසිංහ මහතා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සහිතව පැහැදිළී කළේය.

මේ සඳහා මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයතන ප්‍රදානී සුරේෂ් ශා මහතා, කෝප් කමිටු සභාපති මහාචාර්‍ය රංජිත් බණ්ඩාර මහතා
කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍ය නිළධරීන් පිරිසක්ද මේ සඳහා සහභාගී විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan