පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයක් හැටියට මැතිවරණයට එන්න සාකච්ඡා කරනවා – මහින්ද පතිරණ

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බව ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

“මේ දවස්වල සාකච්ඡා කෙරෙමින් පවතිනවා විවිධ පක්ෂත් එක්කලා ඔවුන්ගෙ ප්‍රතිපත්ති එක්ක අපි ගැලපෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව, ඒ ඒ පක්ෂ නියෝජිතයින් එක්ක සාකච්ඡා සාර්ථක වුණාට පස්සෙ අනිවාර්යයෙන්ම සන්ධානයක් විදියට, සමූහයක් විදියට – ඇත්තටම පොදුජන පෙරමුණ කියන්නෙ දැනටමත් සන්ධානයක්. ඒ කියන්නෙ 2019 පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලුවාට විවිධ පක්ෂ අපි ගාව හිටියා. උදාහරණයක් හැටියට ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මේ හැමෝම පොහොට්ටුවෙන් ඉල්ලුවාට ඔවුන් පක්ෂයත් එක්ක වෙනම ගිවිසුම් මාර්ගයෙන් සන්ධානගත වෙලා හිටියෙ – ඒ ආකාරයෙන්ම මෙවරත් ඒ සාකච්ඡා පැවැත්වෙනවා”

මහින්ද පතිරණ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...