මොරොක්කෝවේදී ආරම්භ වන IMF වාර්ෂික සමුළුව !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මොරොක්කෝවේ මරකේච්හීදී , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව හෙට(09) ආරම්භ වීමට නියමිත අතර, සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය,

එයින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායිකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද, අමාත්‍යවරයා කියා සිටී.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ,මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක්මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...