මොරොක්කෝවේදී ආරම්භ වන IMF වාර්ෂික සමුළුව !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මොරොක්කෝවේ මරකේච්හීදී , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව හෙට(09) ආරම්භ වීමට නියමිත අතර, සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය,

එයින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායිකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද, අමාත්‍යවරයා කියා සිටී.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ,මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක්මෙම සමුළුවට සහභාගි වීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...