Saturday, March 25, 2023
spot_img

Latest Posts

ධම්මිකගේ DP Education කැළණිය විශ්ව විද්‍යාලය සමග එක්ව තවත් පියවරක් ඉදිරියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන ප්‍රෙසිලා පෙරේරා මහත්මියගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක DP Foundation ආයතනය සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ, ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳ සහතික මට්ටමේ online පාඨමාලාවක් නිර්මාණය කිරීම සඳහා ය.

සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙම පාඨමාලාව තුළින් ව්‍යාපාර සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පුහුණු වන්නන්ගේ සිට සහාය උපදේශකවරුන් දක්වා භූමිකා 7ක රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් DP Foundation ආයතන විසින් දියත් කර ඇති DP Education ව්‍යාපෘතිය හරහා මෙම පාඨමාලාව නිර්මාණය කිරීමට අවශ්‍ය අරමුදල් සහ මානව සම්පත් කැළණිය විශ්ව විද්‍යාලය වෙත පිරිනැමේ.

මෙය DP Education විසින් online විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීම අරභයා සිදුකෙරෙන තුන්වැනි ව්‍යාපෘතිය වන අතර මීට පෙර මෙවැනි ව්‍යාපෘති දෙකක් මොරටුව විශ්ව විද්‍යාලය සමග සාර්ථකව දියත් කර තිබේ. එහි පළමු ව්‍යාපෘතිය Trainee – Full Stack Developer පාඨමාලාව වන අතර අද වනවිට ඒ සමග 135,000 කට අධික සිසු සිසුවියන් පිරිසක් එක්ව සිටිති. එහි දෙවැන්න වන්නේ ව්‍යාපෘති කළමණාකරණය පිළිබඳ සහතික මට්ටමේ ඇමරිකාවේ ව්‍යාපෘති කළමණාකරණ ආයතනය විසින් සහතික කරනු ලැබූ CAPM මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරිමයි.

ධම්මික පෙරේරා මහතා සහ එම මැතිණියගේ සමාජ සත්කාරක වැඩසටහනක් වන DP Education පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dpeducation.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.