මහමැතිවරණයට කණ්ඩායම් 690ක්. වැඩිම සහ අඩුම කණ්ඩායම් ඉදිරිපත් වුණු දිස්ත්‍රික්ක මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහමැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව පැවසූ ඒ මහතා යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවත් සඳහන් කළේය.

2024 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ඊයේ (11) දහවල් 12.00න් අවසන් විය. නාමයෝජනා අනුමත වූ කණ්ඩායම්වල අපේක්ෂකයින් සඳහා මනාප අංක ලබාදීම ඉදිරියේදී සිදුකෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“සමස්තයක් විදියට නාමයෝජනා පත්‍ර 764ක් ලැබී තිබුණා. මෙයින් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඒ වගේම මේ ඉදිරි මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා තරග කරනවා කණ්ඩායම් 690ක්. මේ ඕනෙම ප්‍රතික්ෂේප වුණු නාමයෝජනාකරුවකුට පුළුවන් තමන්ගෙ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධව ගරු අධිකරණයට ගිහිල්ලා නියෝගයක් ලබාගැනීමට. ස්වාධීන කණ්ඩායම් සඳහා ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා විසින් ඔවුන්ට අදාළ සලකුණු ලබාදීමත් අද සිදුකරනු ලැබුවා. වැඩිම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් තරග කරන්නේ දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයට. 64ක ප්‍රමාණයක් ඉන්නවා එහි. ඒ වගේම අවමය පොලොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ. මේ දිස්ත්‍රික්ක දෙක සඳහා දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් 15 බැගින් තරග කරනු ලබනවා”

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...