*
Tuesday, November 12, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට UNDP වෙතින් පූර්ණ සහය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙන අතර,

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණු අතර “බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම” මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වා ඇත,

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පුර්ණ සහාය ලබා දෙන බවට ද නියෝජිතවරිය සහතික වූ බවයි.

මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගිත්වය පහළ මට්ටමක පැවතීම පිළිබඳව ද මෙම හමුවේ දී විශේෂ සාකච්ඡාවට ලක් වී ඇති අතර ග්‍රාමීය කාන්තාවන් ආර්ථික කටයුතු වලට සම්බන්ධ වීම සීමා කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු තරම්අභියෝගවලට මුහුණ පැමට හේතු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබේ.

එසේම කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයේ අඩු නියෝජනයක් පෙන්නුම් කිරීමද ඊට හේතුවක්වේ.

ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාව දුර්වල මට්ටමක පැවතීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා පැහැදිළි කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් බවත්, ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස නොසලකන බවත්ය. මෙම ගැටලුව විසඳීම සඳහා, කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජයේ සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබාදීමට මෙහිදී කැමැත්ත පළ කළසහකාර මහලේකම්වරිය ඩිජිටල්කරණය දූෂණය අවම කිරීම සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකි බව ද පෙන්වා දෙයි.

මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එවැනි ප්‍රතිසංස්කරණ මගින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝජනයක් සහතික කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එම ක්ෂේත්‍රයේපොලී අනුපාත අසාධාරණ බවයි.

කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීම සඳහා නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත්, ප්‍රාග්ධනය සුරක්ෂිත කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින් විසින් ඉදිරිපත් කරන හොඳම යෝජනා සඳහා භාණ්ඩාගාර ඇපකර ලබා දීමටත් රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්නයන් සහ ආර්ථිකය හා පාර්ලිමේන්තුව යන දෙඅංශය තුළම කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම යන කාර්යයන් සඳහා සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම මෙම සාකච්ඡවේ දී යළි තහවුරු කෙරුණු අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), උපාය මාර්ගික නියැලීම, ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර් මාකර්FadhilBakeerMarkar යන මහත්ම මහත්මීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan