*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

JRගේ බෑනා ගාව ප්‍රේමදාස කෙනෙකුට වේකන්සියක් ? – තාරක ලියයි.

එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට ඇවිත් හැත්තෑ අටේ ඒකාධිපති ව්‍යවස්ථාවක් අටවාගත් JR, බලයේ සුක්කානම අතෑරියේ අසූ අටේදී. ජනාධිපති බලය අතහරින්නට JR තීරණය කරන්නේ නිකම්ම නෙමෙයි. වයෝවෘද්ධ වන තෙක් ඉටුකරගත නොහැකි වූ ජනාධිපති සිහිනය තුළ දස වසරක් තිස්සේ කිමිදී උපරිම තෘප්තිය කෙසේ වෙතත් සෑහෙන තෘප්තියක් ලැබුවට පස්සේ තමයි එයා බලය අතහරින්නේ.

මේ තත්ත්වය ලෙහාගන්නට කලින් එක කරුණක් අවධාරණය කළ යුතුයි. එදා මෙදා තුර ලංකාවේ ලිබරල් නායකයන් යැයි කියන උදවිය, ලිබරල් හැව දාගත් අර්ධ වැඩවසම් පංචස්කන්ධ මිස මොකක්වත් නෙමෙයි. ඔවුන් ලිබරල් යැයි කියන්නේ, නිදහස් අදහස් සහිත – මිත්‍යාවන්ගෙන් බැහැර දේශපාලන හෝ ජීවන ආරකට නොව, හුදු බටහිර ගැති වීමට පමණයි. හැබැයි ඔවුන්, එක පැත්තකින් ධනවාදය ආත්මය කරගත්, ආර්ථික ධනවාදීන්. අනෙක් පැත්තෙන්, පීඩක ජාතියට රහසේ පෙම් බඳින ජාති – ආගම්වාදීන්.

ජනාධිපති පුටුවේ ඉඳගත් පසු JR, උතුමාණන් යැයි බලෙන්ම කියවා ගන්නේත්, ආගමික සංකේතාත්මක ගොඩනැගිලි උඩ නැග දිවුරුම් දෙන්නේත්, කුප්‍රකට ආගමික ස්ථානවල දායක සභාවල මුල් පුටු හොබවන්නේත් ඒ වැඩවසම් චින්තනය නිසා. ලෝකේ වටේ ගිහින් තැචර් හම්බවෙලා, රේගන් හම්බවෙලා අතට අත දීලා ෆොටෝ ගහලා පෙන්වන්නේ අඩුම තරමේ බටහිර ඇති ලිබරල් නිදහස අනුගමනය කරන බව නෙමෙයි, බටහිර ස්වාමීන්ගේ දෙපා ලෙවකන්න තියෙන වැඩවසම් ආශාව. ලිබරල් මිනිහෙක් නායකත්වය දෙයිද යාපනය පුස්තකාලය ගිනි තියන්න.?

ඒ අර්ථයෙන් ගත්තොත් ලංකා ඉතිහාසයේ ලිබරල් යැයි කී කඳවුරේ නායකයන්ගෙන් ජීවන පැවැත්මෙන් ලිබරල් මිනිහෙක් වුණේ මංගල සමරවීර පමණක් බවයි තාරකගේ මතය. නූතන ලෝකය ගැන බයිලා ගසමින් තිරුපති යන – තමන්ගේ බරට පඬුරු පූජා කරන නලමලේ නායකයන් කවදාවත් ලිබරල් වුණේ නැහැ. ඔවුන් බටහිරට ආශා කළ බටහිර බැතිමතුන් පමණයි. ලිබරල්වාදය අදහන ලංකාවේ පැරණි හා නව සිවිල් සමාජය, රැවටී සිටින්නේ හෝ දැනගෙන නොදන්නා සේ සිටින්නේ, මේ අර්ධ වැඩවසම් පංචස්කන්දවලටයි.

JR තමයි මේ ඊනියා ලිබරල් – අර්ධ වැඩවසම් ප්‍රභූ කල්ලියේ ඉටු දෙවියා. එයා ගිය පාරේ තමයි අනුප්‍රාප්තිකයෝ යන්න හිතන්නේ. අටවන ජනාධිපති වූ JRගේ බෑනා රනිල් යන්න හදන්නෙත් ඒ පාරේම තමයි. වගකීමක් හෝ වගවීමක් නැති මිනිහෙකුට, ෆැන්ටසි මාමා කෙනෙකුගේ දේශපාලන උපාය මාර්ග ස්වර්ගයට යන මාවත සේ පේනවා වෙන්නට පුළුවන්. JR ආර්ථික ප්‍රතිසංස්කරණ ගේනකොට දන්නවා, සමාජයෙන් විරෝධයක් එන බව. ඒ නිසා තමයි එයා පක්ෂ තහනම් කරලා – ජාතිවාදී ගැටුම් හදලා ගේමට බැස්සේ.

හැබැයි මරණය තෙක් එයාට බලය හොබවන්න බැරිවුණේ රටේ තත්වේ එයා හිතුවාට වඩා නරක් වෙච්ච නිසා. ඒ තත්ත්වය තුල එයා කෙරුවේ සුක්කානම ප්‍රේමදාස අතේ තියල සංහාරය ප්‍රේමදාස ලව්වා කරවන එක. ලක්ෂයක් මරල හරි විවෘත ආර්ථිකය රකින්න ඕන කියන තැන ඒ ගොල්ලෝ හිටියා. ලලිත් හරි ගාමිණී හරි ජනාධිපති තරගෙට ආව නං තට්ටු මාරු සම්ප්‍රදාය යටතේ පීඩිත වෙස්මුහුණ සහිත ශ්‍රීලනිපයට පරදින බව JR දන්නවා. ඒ වෙනුවට එයා යූඑන්පිය ඇතුළෙන්ම දුප්පතා හොයා ගත්තා. හොයාගෙන සංහාරය එයා ලව්වා කෙරෙව්වා. ඒකට උදව් කරන්න සිරිසේන කුරේලා රන්ජන් විජේරත්නලා රෙඩි පිට හිටියා.

රනිල් යන්න හිතාගෙන ඉන්නේ JR ගිය පාරේ නම්, JR වගේම ජනමත විචාරණ තියාගෙන මැතිවරණ සිතියම අකුළමින් ඔහු මේ සැරසෙන්නේ ඉතිරි අවුරුදු දෙක තුන කොහොමහරි ජනාධිපති තෘප්තිය ලබමින්, IMF ළඟ දණ ගසමින් JR පෙන්නපු ෂෝ එක ආයෙමත් පෙන්වන්න. ඒත් රනිල්ට JR පෙන්නපු මැජික් එක පෙන්වන්න වෙන්නෙ නැහැ කියල තාරක මීට කලිනුත් විස්තරාත්මකව ලියල තියෙනව. ඒකට හේතු දෙකක් තියෙනවා. එක, ඒ ආර්ථික මොඩලය පරණයි. අනික රනිල් පරණයි. ඒ මැජික් එකත් පෙන්වන්න බැරි තත්ත්වයක් තුල, ප්‍රතිවිරුද්ධ දේශපාලන මත මර්දනය කරමින් ගේම ගහන්න එයා ඉස්සරහට එන බව පේනවා.

ජනාධිපති බලය අත්හැර හෝ නොහැර, අන්න ඒ මර්දන කොන්ත්‍රාත්තුව භාරදෙන්න රනිල්ට ප්‍රේමදාස කෙනෙක් ඕන වෙනවා. ඒකට ප්‍රේමදාස වාසගම අත්‍යවශ්‍යම නැහැ. වෙනත් වාසගම් සහිත මල්වට්ටි අතින් ගත්, ඊනියා ප්‍රගතිශීලී ප්‍රේමදාසලා පොකුරක්ම රනිල් ගනුදෙනු කරන පක්ෂ තුනේ, එනම්, එජාප සජබ සහ පොදුජන පෙරමුණේ ඉන්නවා. ඔය කවුරුහරි ප්‍රේමදාස භූමිකාව භාරගත්තොත් අවශ්‍ය සහය දෙන්න අලුත් රන්ජන් විජේරත්නලා අලුත් සිරිසේන කුරේලා ඕන තරම් ප්‍රාදේශීයවත් ජාතික මට්ටමෙනුත් පහසුවෙන් එයාලට හොයාගන්න පුළුවන්.

දැන් අපි හැරෙන්නේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුර දෙසටයි. JR ගේ පාරේ යන්නට රනිල් කොච්චර ආස වුණත්, ඊට අවශ්‍ය ප්‍රතිවිරුද්ධ වටපිටාව සකස් නොකර ඉන්නට තරම් වාම ප්‍රගතිශීලී බලවේග කල්පනාකාරී විය යුතුයි. ප්‍රවේගවත් විය යුතු නමුත් අතිධාවනකාරී නොවිය යුතුයි. 71 දී ධර්මසේකර ඇමරිකානු තානාපති කාර්යාලයට ගල් ගැසුවාක් මෙන් කට්ටිවාදීව වැඩ කළොත් බෙදා වෙන්කර මර්දනය කරන්න රනිල්ට ලේසියි. පළමුව තේරුම් ගත යුත්තේ මේ අසූව දශකය නොවන බවයි. රනිල්ගේ ආශාවේ ප්‍රති භූමිකාව නියෝජනය කරන්නට ගියොත් ප්‍රතිඵල මාරාන්තික වෙන්න පුළුවන්. සාමුහික වෙන්න. ප්‍රවේගවත්ව සටන් කරන්න. ප්‍රේමදාස වේකන්සිය බලාත්මක කරන්නට JRගේ බෑනාට නොහැකිවන සේ උපක්‍රමික වෙන්න. අලුත් සටන්ක්‍රමවලින් අලුත් උපයන්වලින් පොදු සතුරා පරද්දන්න !

  • තාරක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan