යුක්රේනයට සවුදි අරාබියෙන් මානුෂීය ආධාර..

රුසියානු ආක්‍රමණය සමඟ යුක්රේනයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ සවුදි අරාබියේ සහාය යුක්රේනයට හිමිව තිබේ.

ඒ අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මානුෂීය ආධාර යුක්රේනයට ලබා දීමට සවුදි අරාබිය කටයුතු කරනු ඇති බවට එරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන SPA අනාවරණය කරයි.

එමෙන්ම, ඊයේ (14) දින සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා ට දුරකතන ඇමතුමක් ලබා දුන් බව ද එම පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම, යුක්රේනයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග සඳහා සුවුදි අරාබියේ මැදිහත් වීම සහ සහයෝගය දිගටම ලබා දීමට තම රාජධානිය සූදානම් බව ද මොහොමඩ් බින් සල්මාන් යුක්රේන ජනපතිවරයාට පවසා තිබේ.

ඡායාරූප: ස්කයි නිව්ස්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...