දෙවියන්ගේ නාමයෙන් කාන්තාවන්ට තමා කැමති දෑ ඇඳීමට ඉඩ දෙන්න.. බයිඩන් ඉරානයට කියයි!

ඉරානයේ මර්දනකාරී රජයේ ක්‍රියාකලාපයට විරුද්ධව ජන අරගල නිර්මාණය වී තිබෙන අතර, ඉකුත් දින හිජාබය පැළඳීමේ අඩුපාඩුවක් මත ඉරාන සදාචාර පොලීසිය (Morality Police) විසින් අත්අඩංගුවට ටික දිනකට පසු අභිරහස් ලෙස මරණයට පත්වූ මාහ්සා අමීනි වෙනුවෙන් එකී ජන අරගල උත්සන්න වීම සිදුවිය.

ඉරාන රජය පවසන්නේ, මෙම ජන අරගල ඉරානයේ නවමු සංවර්ධන වැඩපිළිවෙල සහ තම රාජ්‍යයේ විශිෂ්ටත්වය හෑල්ලු කිරීමට සතුරන් විසින් දියත් කරන ලද දුර්වල කැරැල්ලක් බවයි.

මෙම ජන අරගල මර්දනය කිරීමට ඉරාන රජය කටයුතු කරන බවත්, එකී මර්දනකාරී ක්‍රියාපිළිවෙත තුළ විදෙස් සංචාරකයන් පවා ඉරානයේ අත්අඩංගුවට පත්ව ඇති බවත් පසුගිය දින වල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කාන්තාව පිළිබඳව ඉරානය දරන ආකල්පයේ වෙනසක් අපේක්ෂා කිරීමෙන් මෙම ජන අරගලය ශක්තිමත් වෙමින් පවතින අතර, ඉරාන බලධාරීන් විසින් මෙම ජන අරගලය හමුවේ පාසල් ළමුන් පවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මේ අතර, එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් මහතා ඉකුත් දින කැලිෆෝනියාවේ අර්වින් වැලේ කමියුනිටි කොලේජ් (Irvine Valley Community College) හි පැවති උත්සවයකට සහභාගී වෙමින් අවධාරණය කර සිටියේ, ඉරානය තමාගේම පුරවැසියන්ට එරෙහිව දියත් කරන මෙම මර්දනය වහා නතර කිරීමට කටයුතු කළ යුතු බවයි.

දෙවියන්ගේ නාමයෙන්‘ කාන්තාවන්ට තමා කැමති ඇඳුමක් ඇඳීමට අයිතිය ඇති බවත්, ඉරානය විසින් තම රටේම පුරවැසියන්ට එරෙහිව දියත් කර ඇති මර්දනය නවතා දමා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම සිය කතාවේදී පවසා සිටියේය.

ඉරානයේ රාජ්‍ය විරෝධී ජන අරගල උත්සන්න කිරීමට හේතුවූ මරණය පත් මාහ්සා අමීනි ඉරාන සදාචාර පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ ඈ හිජාබය පැළඳීමේදී හිසකේ පිටතට විවෘත වී ඇති අයුරින් එය පළැඳ සිටීමේ චෝදනාව මත ය.

ඡායාරූප: රොයිටර්

සබැඳි පුවත්:

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...