වහාම ඇවිත් අගමැතිකම භාරගන්න – පොහොට්ටුවෙන් බැසිල්ට දැඩි ඉල්ලීම් !

වහාම ශ්‍රී ලංකාවට පැමිණ ආණ්ඩුවට නායකත්වය දෙමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයින් රැසක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය ලැබී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට වන අතර ඒ මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයා වේ. අග්‍රාමාත්‍ය ධුරය නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත යුතුය යන ඉල්ලීම පසුගිය මාස කිහිපය පුරාම විටින් විට නැගෙමින් තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නායකත්වයක් ලබාදෙමින් සහ ආණ්ඩුවේ නායකත්වය නැවතත් එම පක්ෂයට ලබාදෙමින් වහාම ශ්‍රී ලංකාවට පැමිණ අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව සඳහන්. දැනට එංගලන්තය කරා ගොස් සිටින රෝහිත අබේගුණවර්ධන මහතා ද එහි සිට බැසිල් රාජපක්ෂ මහතා අමතමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා යන මොහොත වනවිට ඒ මහතාගේ බලාපොරොත්තුව වී තිබුණේ ලබන ජනවාරි මාසය දක්වාම ඇමරිකාවේ රැඳී සිටීමට ය. එහෙත් මේ වනවිට පක්ෂයෙන් ඉදිරිපත් වන ඉල්ලීම අනුව එම තීරණය වෙනස් වීමට ඉඩ ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...