මාධ්‍ය සදාචාරය වල පල්ලට ගිය, මස්ක්ගේ මාධ්‍ය මෙහෙවර!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 17,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: සමාජ මාධ්‍ය සදාචාරය ගැන කතා කරද්දී, වර්තමානයේ සමාජ මාධ්‍ය වේදිකා බොහෝමයක් පවතින අතර ඒවා භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු සමාජගත සංස්කෘතික හා සමාජීය ආචාර රීති බොහෝමයක් වේ. මාධ්‍ය සදාචාරය බර ගණන් වල සිට පැවත ආවද සිස්ටම් චේන්ජ් එකත් සමඟ වර්තමානයේ එය හීන වෙමින් පවතී.

විශේෂයෙන්ම පරිශීලකයින් අතර ගෞරවය, සහජීවනය සහ ආචාරශීලි සම්බන්ධතා පවත්වාගෙන යාමද දැන් වන විට හරි අමාරු කටයුත්තක් වීම දුකට කරුණකි.

එවැනි සමාජ මාධ්‍ය වේදිකාවක් වන Twitter හෙවත් X ගැන අපි මෙහෙම කතා කරමු!

එලෝන් මස්ක් නම් ප්‍රකෝටිපතියා Twitter සමාජ මාධ්‍ය වේදිකාව මිලදී ගැනීමෙන් පසු එහි සංවිධානමය ක්‍රමවේද හා ප්‍රතිපත්ති පරිවර්තනය කිරීමක යෙදුණු අතර මේ වනවිට එය X නමින් හඳුන්වනු ලබයි.

Social nation

ඔහු එය තම භාරයට ගත් දා පටන් අද වනතුරු එහි ගත හැක්කක් තිබුණද, සමාජ මාධ්‍ය සදාචාරය නම් ටිකෙන් ටික වියැකෙමින් පවතින බව කිව යුතුමය.

එලෝන් මස්ක්ගේ X හි ප්‍රතිපත්තිවලට අනුව, මෙම වේදිකාව තුළ මතවාද පමණක් නොව, ඉලක්කගත ප්‍රහාරක කථා සහ තරහ උපදවත කතා බහ ද ඉහළ ගොස් ඇති අතර මෙය ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය සදාචාරය පිරිහීමේ මුලික පිම්මක් විය.

The verge

ඉන් පමණක් නොව දැන් X පිටුව දේශපාලන රඟ මඬලක් ද වී හමාරය.

විධිමත් අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන්; අසභ්‍ය සිද්ධීන්, ප්‍රචණ්ඩකාරී ප්‍රකාශන ආදී එකී මෙකී නොකී කතා බතා එක රොත්තට මේක අස්සේ ඔබා දමා දැන් X කැඳ හැලියක් වී හමාරය.

Twitter සමාජ මාධ්‍ය වේදිකාව භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාව, ගෞරවය සහ පෞද්ගලිකත්වය රැක ගැනීම සඳහා තිබූ ප්‍රතිපත්ති, X ලෙස වෙනස් කිරීමෙන් පසු, සුන්නද්ධූලි වී ඇත.

පරිශීලකයින් විසින් අසත්‍ය පුවත්, විවිධ අනාවැකි සහ අනවශ්‍ය කථා බහවලින් හටගන්නා වාණිජමය හා සමාජීය වශයෙන් පහර දිය හැකි අවධීන් නිර්මාණය කරනු ඇත.

ඊට කදිම නිදසුනක් ලෙස;
හිටපු වන් ඩිරෙක්ෂන් ගායක ලියම් පේන්ගේ මරණය ගොඩනැගිල්ලකින් වැටී සිදුවූවක් ලෙස කියනු ලබන අතර, එහි යැයි සැලකෙන වීඩියෝ පටයක් X වේදිකාව මත පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී.

එය ගොඩනැගිල්ලක ගින්නකින් බේරීමට උත්සාහ කරන මිනිසෙකුගේ පැරණි දර්ශන බව සොයා ගෙන ඇති අතර, එහි ප්‍රශ්නය වන්නේ… මෙවැනි බිහිසුණු දර්ශන සමාජගත කිරීම උචිත ද යන්නයි?

මෙහි ඇත්ත නැත්ත නොදන්නා අය බොහෝය; එය දැක කලබලවන්නන් බොහෝය. නමුත් මෙවැනි දර්ශන සමාජගත කරන්න ඔලුව හැදෙන මනුස්සයෙක්, ඒ ගැන හරි තොරතුරක් දැමීම ප්‍රමාණවත්ය. ඕන එකයි එපා එකයි, ඔක්කොම දාන්න පුලුවන් සමාජ මාධ්‍ය වේදිකාවක “කොහෙද බන් සදාචාරයක්?”

එක පැත්තකින් අසභ්‍ය දර්ශන, තවත් අතකින් මඩ ප්‍රහාර, අනෙක් අතින් මිනිස්සු ඇස් පනාපිට මැරෙණ දර්ශන!

අද වනවිට සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනෙක් පරිශීලනය කරන වේදිකාවක් වන X හි 18+ අය පමණක් නොව හය හතර නොදත් දරුවන් මෙන්ම, හෘදයාබාධ වලින් පෙලෙන වැඩිහිටියන් ද වේ. ඉතින් මේ ගැන මීට වඩා දැක්මකින් යුතුව මස්ක් කටයුතු කළ යුතුමය. ඒවැනි දර්ශන උඩුගත කරද්දී යම් යම් සීමාවන් පැනවීමක් හෝ දැනුම් දීමක් කිරීම ඒ සඳහා යෝග්‍ය වනු ඇත.

ඉතින් මස්ක්! මීට වඩා මාධ්‍ය සදාචාරය ගැන පොඩ්ඩක් හිතලා වැඩ කරමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...