69 ට කෙළවන්නේම 9 දවසක. 27 වෙනිදා කොළඹ එන්න – ජවිපෙ වසන්ත (VIDEO)

Date:

ඔක්තෝබර් 27 වනදා කොළඹට ජනතාව රැස් කරමින් තමන් ආරම්භ කරන අරගලය අවසන් කරන්නේ ජයග්‍රහණයෙන්ම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

“අහම්බයන් අනිවාර්යයන් වෙන හැටි පිළිබඳව මෙතන ඉඳගෙන ඉන්නකොට තමයි මතක් වුණේ. අද 18. අටයි එකයි නවයයි. අපි 27. ඒත් හතයි දෙකයි නවයයි. 69 ට කෙළවන්නෙම 9 දවසක. ඒ නිසා මේ අරගලයත් ජයග්‍රහණයෙන්ම තමයි කෙළවර කරන්නේ කියන කාරණාව ඉතාම පැහැදිලිව සහෝදරත්වයෙන් මතක් කරනවා. තෙල් මිල වැඩිකරපුවා, ජල ගාස්තු වැඩි කරපුවා, බදු වැඩි කරපුවා, ආදායම් බදු වැඩි කරපුවා සියලු දේවල් එකතු කරලා ආදායම් අතිරික්තයක් පෙන්වන්න හදනවා. හැබැයි අපි කියනවා එහෙම වෙනකොට අපේ රටේ මිනිස්සු මේ වෙනකොටත් රටේ ජනතාවගෙන් 60%ක් ගෙවල්වල තුන්වේල උයාගන්න බැරුව ඉන්නෙ. මේ අරගලය මේ මොහොතේ පොදු ජනතාව මුහුන දෙන සමාජ ප්‍රශ්න විසඳාගැනීම සඳහා. එන්නෙ පෙළපාලියට නම් කොළඹට මිනිස්සු පෙළපාලියෙන් එනවා. එන්නෙ රැස්වීමට නම් කොළඹට මිනිස්සු බස් එකේ එයි. අපි ළංවෙලා කියන්නම් කරන්න ඕනෙ වැඩේ. හැබැයි අපි 27 කියනවා මේ අරගලය පණ පිටින් තියෙනවා, උඹලාගෙ අවසන් ගමන තමයි මේ 27 වෙනිදා පටන් ගන්නෙ කියන එක”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් පැවැත්වූ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...