69 ට කෙළවන්නේම 9 දවසක. 27 වෙනිදා කොළඹ එන්න – ජවිපෙ වසන්ත (VIDEO)

Date:

ඔක්තෝබර් 27 වනදා කොළඹට ජනතාව රැස් කරමින් තමන් ආරම්භ කරන අරගලය අවසන් කරන්නේ ජයග්‍රහණයෙන්ම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

“අහම්බයන් අනිවාර්යයන් වෙන හැටි පිළිබඳව මෙතන ඉඳගෙන ඉන්නකොට තමයි මතක් වුණේ. අද 18. අටයි එකයි නවයයි. අපි 27. ඒත් හතයි දෙකයි නවයයි. 69 ට කෙළවන්නෙම 9 දවසක. ඒ නිසා මේ අරගලයත් ජයග්‍රහණයෙන්ම තමයි කෙළවර කරන්නේ කියන කාරණාව ඉතාම පැහැදිලිව සහෝදරත්වයෙන් මතක් කරනවා. තෙල් මිල වැඩිකරපුවා, ජල ගාස්තු වැඩි කරපුවා, බදු වැඩි කරපුවා, ආදායම් බදු වැඩි කරපුවා සියලු දේවල් එකතු කරලා ආදායම් අතිරික්තයක් පෙන්වන්න හදනවා. හැබැයි අපි කියනවා එහෙම වෙනකොට අපේ රටේ මිනිස්සු මේ වෙනකොටත් රටේ ජනතාවගෙන් 60%ක් ගෙවල්වල තුන්වේල උයාගන්න බැරුව ඉන්නෙ. මේ අරගලය මේ මොහොතේ පොදු ජනතාව මුහුන දෙන සමාජ ප්‍රශ්න විසඳාගැනීම සඳහා. එන්නෙ පෙළපාලියට නම් කොළඹට මිනිස්සු පෙළපාලියෙන් එනවා. එන්නෙ රැස්වීමට නම් කොළඹට මිනිස්සු බස් එකේ එයි. අපි ළංවෙලා කියන්නම් කරන්න ඕනෙ වැඩේ. හැබැයි අපි 27 කියනවා මේ අරගලය පණ පිටින් තියෙනවා, උඹලාගෙ අවසන් ගමන තමයි මේ 27 වෙනිදා පටන් ගන්නෙ කියන එක”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් පැවැත්වූ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...