*
Friday, May 3, 2024
spot_img

Latest Posts

රනිත්මාගේ ගමන නිමා වෙයි.

සිඩ්නි ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී රනිත්මා ලියනගේ පරාජය විය.එහිදී ඇය පරාජය වුණේ නවසීලන්ත ක්‍රීඩිකා සුවන්නා ලී ට ය.ඇය මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 200 වන ස්ථානයේ පසුවන අතර රනිත්මා සිටින්නේ 311 වන තැනයි.

විනාඩි 33 ක් පුරා ඇඳුණු රනික්මා සහ ලී අතර වූ තරගයේදී ලී ලකුණු 21 – 12 සහ 21 – 17 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තාය.නමුත් රනිත්මා ජාත්‍යන්තර තරග අත්දැකීම් සමඟ ලී අභිබවා යා හැකි මට්ටමට ඉක්මණින් ළගා විය හැකි තවමත් 16 හැවිරිදි ක්‍රිඩිකාවකි.311 වන ස්ථානය බොහෝ විට මේ තරගයෙන් පසුව වෙනස් විය හැකි අතර ඇය මේ පරාජයට පැමිණියේ තරග 2 ක් ජයගෙන සුපිරි අට දෙනා අතර වටයට පිවිසි පසුවය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan