*
Friday, May 3, 2024
spot_img

Latest Posts

නේෂන් කුසලානයේ දී ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත නොකළ කණ්ඩායමකින් පරාජයක්!

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයේදී ලකුණු 46 – 50 ක් ලෙස කැනඩාව ඉදිරියේ පරාජයට පත් විය.එය අවාසනාවන්ත පරාජයකි. කැනඩාව තවමත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමක් සඳහා ඇතුළත්වීමටවත් සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යය තරග ප්‍රමාණය ක්‍රීඩා කර නොමැති මුල් ස්ථාන 40 හෝ නොමැති කණ්ඩායමකි.

ශ්‍රී ලංකාවට ද ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් ලෝක කුසලාන තරගයට අමතරව නොලැබෙන අතර මේ තත්ත්වය නිසා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට එන්නට අවශ්‍යය තරග ලබා ගැනීමේදී එම තරග වැඩි ප්‍රමාණයක් ජයගත හැකි ක්‍රීඩිකාවන් කණ්ඩායමක් සහ ජයග්‍රහණය කරා පුහුණු කරවිය හැකි ජ්‍යෙෂ්ඨයෙක් අවශ්‍යය බව අපි මුල සිටම පෙන්වා දුන්නෙමු.නමුත් ක්‍රීඩා අමාත්‍යංශය හෝ මේ තත්ත්වය පවා මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැත.

ඒ සම්බන්ධයෙන් නෙට්බෝල් ක්‍රීඩාව ගැන ක්‍රිඩා අමාත්‍යංශයේම ඇතැමුන් පවසන්නේ එය “ලකීම ක්‍රිඩාව” බවය.ඒ වාසනාවට පිටින් නොයන විට නෙට්බෝල් පරිපාලනයටද තමන්ට අවශ්‍යය පරිදි ක්‍රිඩා කිරිමේ හැකියාව ඇති බව පෙන්වා දෙන අතර ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ වාසනාවට කණ්ඩායම හෝ පුහුණුකරු සම්බන්ධයෙන් විරෝධතාවයක් මතු නොවුණු බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.ඒ නිසා තරගාවලියට යන්නට සියලු මුල්‍ය අනුග්‍රහය ලබා දෙන්නට පදක්කම් උපයන මලල ක්‍රීඩාවටවත් නොලැබෙන ආශිර්වාදයක් සහිතව නේෂන් කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අවස්ථාව ලැබී ඇත.ඇත්තටම කාගේ හෝ වාසනාවට අදාළ පෞද්ගලික කාරණාවන් අපට අදාළ නැත.එහෙත් ඇතැම් වාසනාවන් ක්‍රීඩාවට අවාසනාවන්ත ඉරණම් ළඟා කරන්නේනම් එය ගැටළුවක් බව අපි විශ්වාස කරන්නෙමු.

මේ තරගාවලිය සඳහා තෝරාගෙන ඇති කණ්ඩායම් අතරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම කුක් දිවයිනය.19 වන ස්ථානයේ සිටින එම කණ්ඩායම ශ්‍රි ලංකාවට එක් ශ්‍රේණිගත කිරීමක් පමණක් ඉදිරියෙන් සිටියි. එම කණ්ඩායම මෙන්ම ලෝක කුසලාන තරගාවලියේදී දෙවරක්ම ශ්‍රී ලංකාව අභිබවා ගිය සිංගප්පූරුව තවත් ‘ඒ’ කණ්ඩායමක් ද මේ තරගයට එකතු කර ඇත.පැපුවා නිව්ගිනියා කණ්ඩායම සිටින්නේ 36 වන තැනය.පහළින්ම සිටින කණ්ඩායම කැනඩාවය.

මේ තරගයේදී තරම් ශ්‍රී ලංකාවට හමුවන ප්‍රතිවාදීන් ඉදිරියේදී වැරදීම් සහ අඩුපාඩු කරනු ඇතැයි සිතිය නොහැකිය.ඊට වැඩි ප්‍රමාණයක් අඩු පාඩු පෙන්වමින් ශ්‍රී ලංකාව තරගයෙන් පරාජය වූ බව පිළිගෙන ඉදිරියට යාම වැදගත්ය.කැනඩාව මේ තරගාවලිය ශ්‍රේණිගත කිරීම් සඳහා ඇතුල්වීමට අවශ්‍යය තරග ප්‍රමාණය සකසා ගැනීමට යොදා ගනු ඇත.එහිදී හොඳ ඉදිරියක් පෙන්වීමට ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ජය අතිශයින් වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර තරගයේදී 12 – 16 ,24 – 30 ,34 – 39 ක් ලෙස මුල් කාර්තු තුනේ ද ශ්‍රී ලංකාව පසුපසින් තබා ගෙන සිය ඉදිරිය රැකගෙන ගමන් කරන්නට කැනඩාවට හැකියාව ලැබී ඇත.දෙවන කාර්තුවේ එකතු වී ඇති ලකුණු සළකා බලද්දී 14 – 12 ලෙස සිය ලකුණු පරතරය වැඩි කර ගන්නට කැනඩාව සමත් වුව ද,තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාව ලකුණු 10 – 9 ක් ලෙස ඉදිරියට පැමිණ තිබේ.අවසාන කාර්තුවේද ලකුණු 12 – 11 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියද කැනඩාව මුල වට දෙකේ දී සකසා ගත් ලකුණු පරතරයට හානි නොවන්නට ආරක්ෂා කර ගන්නට සමත් වූයේ ශ්‍රි ලංකාවට අනපේක්ෂිත පරාජයකට පාර සකසමින්ය.

ශ්‍රී ලංකාව එක් දෙයක් ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.පැපුවා නිව්ගිනියා කණ්ඩායම සිංගප්පූරුව සමඟ පැවති තරගය ජය ගැනීමට සමත් විය.ලකුණු 52 – 50 ක් ලෙස ලකුණු සටහක් වුව ද,සාමාන්‍ය පෙණුමට පැපුවා නිව්ගිනියා සිටින්නේ සිංගප්පූරුවට වඩා පහළ ශ්‍රේණියකය.සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටියද මෑත කාලයේ දෙවතාවක්ම ඉදිරියෙන් සිට තිබෙන නිසා ඉදිරි තරග වැදගත්ය.තරගාවලියේ ඉහළම ශ්‍රේණියේ සිටින කුක් දිවයින සිංගප්පූරු ඒ කණ්ඩායම පරාජය කළේ තියුණු සටනකින් පසුව 53 – 50 ක් ලෙසය.මේ නිසා තරගාවලිය පහසු නැත.අද ශ්‍රී ලංකාව තරග වදින්නේ සිංගප්පුරු ඒ කණ්ඩායමට එරෙහිවය.

මේ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ආසියාකරයේ තිබෙන ඉහළ තත්ත්වය ගැන අවධානය යොමු කර ක්‍රීඩිකාවන් මනසින් ඊට සූදානම් කර ගැනීම මේ මොහොතේ දී ඉතා වැදගත්ය.වේගවත් වීම සහ කාර්තුවක ලකුණු ප්‍රමාණය වැඩි කරගෙන ජය ගැනීමට වඩා පන්දුව වැඩි වේලාවක් ශ්‍රී ලංකාවේ පාලනය යටතේ තබා ගැනීම ගැන සැළකිලිමත් වීම වැදගත් වනු ඇත.එසේම ශ්‍රී ලංකා දැල ආක්‍රමණයට එන පන්දුව නවතා ගැනීමේ උපක්‍රම දැඩි කිරීමත් වැදගත් වනු ඇත.

අඩු ලකුණු සහ අඩු පරතරය ගැන කළබල විය යුතු නැත.උත්සාහය කෙසේ හෝ තරගයේ ජයග්‍රහණය විය යුතුය.එසේ නොමැතිව තරගාවලියේ සියලුම තරගවලින් පහතට වැටුණහොත් ශ්‍රී ලංකාව මේ මොහොතේ ආසියාවේ ඉදිරියෙන්ම ශ්‍රේණියක් දරන කණ්ඩායම වීම අහෝසි වී ඉදිරි ලෝක කුසලාන තරග ඇතුළු ජාත්‍යන්තර තරග සඳහා සුදුසුකම් ලැභිමේ සියලු ශ්‍රේණි තත්ත්වයන් අහිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ නොට්බෝල් පමණක් නොව බොහෝ ක්‍රිඩා පරිපාලනවලට මුල් තැන දෙන්න වන්නේ නිලවරණ පොරොන්දු ඉටු කිරීම,ඊ ළඟ පියවරේ සිය නිලවරණ කණ්ඩායමේ ජයග්‍රහණය වැනි දේවල්වලටය.ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් කොතැනද කියන තැනට මහන්සි වීමෙන් ඇති විය හැකි පෞද්ගලික පරාජය ගැන පැහැදිළිය.සමූහයක් ලෙස දිනන්නට,ථඒ ගෞරවය රටට දෙන්නට වඩා මේ පරිසරය තුළ නායකත්වයේ ජයග්‍රාහීව රැඳෙන්න නිලවරණයට අත ඔසවන පිරිස සතුටු විය යුතු අතර ඒ සතුට තිබෙන්නේ තමන්ගේ පෞද්ගලික පිනවීම් සහ ආශ්වාද මත මිස ක්‍රිඩාවේ ශ්‍රේණි වැනි බරපතල වෙහෙසකර ඉලක්ක මත නොවේය.එවැනි ඉලක්කවලට යන විට කන්ඩායම ඉහළ ගියද,ලැබෙන පළමු අවස්ථාවේම නිලය හීන කරන්නට බලය පවරන්න බලය ඇති අය කටයුතු කරනු සැක නැත.

අපි මේ පොළවේ දකින්නේ ඉහළ සිට පහළටම දේශානුරාගී ක්‍රිඩා පරිපාලන වෙනුවට ද්වේශානුරාගී ක්‍රිඩා පරිපාලන බව නිතරම සිහිපත් කළත්,පළල් සිතිමක නැති රටක පටු සීමා මායිම්වලින් ආවරණය වී ඇති බලාපොරොත්තු සංතෘප්ත කිරීමට වැඩිපුර වෙහෙස වන්නට අවශ්‍යය නැත.ඒ නොවෙහෙසන මනස් ඇති ප්‍රභූත්වයේ අපේක්ෂාවන්, තමන්ට තනතුරු මිස එහි පළල ආවරණය කරනු හැකිද නොහැකිද යන්න සිතන්නේ නැත.

මේ නිසා කැනඩා පරාජය ගැන තැවීම දෙවැනි තැනට තබා සිතුවහොත්,ශ්‍රී ලංකාව තරග වදින්නේ තමන්ට වඩා පහළින් සිටින කණ්ඩායම් ප්‍රමාණයක් සමඟ නිසා තරගාවලිය ජය ගන්නට සහ ශ්‍රේණිගත කිරීමේ ඉහළට යන්නට ඇති හැකියාව ප්‍රධාන කොට සිතා නැත.මේ තත්ත්වය වෙනස් කරන්නට මහන්සි වුවහොත් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියේ ඇති තරගකාරී අත්දැකීම් කල්පනාවෙන් භාවිතයට ගෙන උත්සාහයක් දරන්නට ක්‍රිිඩිකාවන්ට හැකියාවක් ඇත.

තරගය නැරඹීමට මෙම සබඳතාවය යොදා ගන්න
https://www.youtube.com/watch?v=-QpMO1plU8U&t=11s

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan