ලෙබනනයේ යුද වාර්තාකරණයේ නිරතවී සිටින මාධ්‍යවේදීන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෙබනනයේ යුද වාර්තාකරණයේ නිරතවී සිටින මාධ්‍යවේදීන් තුන් දෙනෙකු, ඊශ්‍රායලය දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

දකුණු ලෙබනනයේ හස්බයියා ප්‍රදේශයේ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයකට ඊශ්‍රායල ප්‍රහාරය එල්ලවී තිබෙන බව පැවසේ.

ඊයේ දිනය තුළදී  පමණක් ඊශ්‍රායලය ප්‍රහාරයන්ගෙන් ලෙබනනයේ සාමාන්‍ය වැසියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වන අතර, ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ හා ලෙබනනයේ යුද වාර්තාකරණයේ නිරතව සිටි මධ්‍යවේදීන් රැසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

මේ අතර ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජබාලියා සරණාගත කඳවුර ආසන්න ප්‍රදේශ රැසකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙන අතර, මිය ගිය සංඛ්‍යාව මේ වන තෙක් අනාවරණය වී නැති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...