‘රටේ අනාගත පරපුරට ගෙවීමට කිසිදු ණයක් මම ඉතිරි නොකරමි’ – අගමැති රිෂි සුනක්

අතිවිශාල පෞද්ගලික ධනයක් ඇති හිටපු චාන්සලර්වරයෙකු වන රිෂී සුනක් අද(25)දින III චාල්ස් රජු විසින් සිය රජය පිහිටුවීම සඳහා චාර්ත්‍රානුකූලව නිල වශයෙන් පත් කර ඇත.

42 හැවිරිදි නව අගමැතිවරයා එක්සත් රාජධානියේ පළමු වර්ණ අගමැති වන අතර රට මෙහෙයවන පළමු හින්දු ජාතිකයා ද වේ.

අභිනව අගමැති ලෙස ජාතිය අමතා කළ පළමු කතාවේදී රිෂි සුනක් පවසා තිබුණේ තම රජය අනාගත පරපුරට ගෙවීමට ණයක් ඉතිරි නොකරන බවයි.

මෙහිදී නව අගමැති වරයා හිටපු අගමැති ලිස් ට්‍රස් වෙත උපහාර දැක්වු අතර වැරදි සිදු වූ බව පිළිගත්තේය. ඇයට මේ රටේ වර්ධනය කිරීමට තිබූ උනන්දුව උතුම් අරමුණක් බව ප්‍රකාශ කර තිබිණි. රට මේ වන විට බරපතල ආර්ථික අර්බුදයක ඇති බව ප්‍රකාශ කළ අගමැතිවරයා සිදුවූ වැරදි සියල්ල නව අගමැති ලෙස නිවැරදි කරන බව ප්‍රකාශ කර තිබිණි.

සුනක් සිය නායකත්වය යටතේ ක්‍රියාත්මක වන රජය ඊළඟ පරම්පරාවට,ගෙවීමට කිසිදු ණයක් ඉතිරි නොකරන බවට මෙහිදී පොරොන්දු විය.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...