STF මෙහෙයුමින් තවත් මත්ද්‍රව්‍ය සැකකරුවකු දැලේ !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් පසු, අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර සලිඳුගේ සමීපතමයෙකු වන 31 හැවිරිදි පානදුර දික්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 40ක් සොයා ගෙන තිබේ.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන පානදුර සලිඳු නැමැත්තාගේ ප්‍රධාන සමීපතමයෙකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන නිලංග නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයා බවට තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් විශේෂ කාර්‍ය බලකාය සඳහන් කළේ, සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...