Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් කොළඹ වරාය නගරයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් කොළඹ වරාය නගරය තුළ පවත්වාගෙන යාමට අවසර දුන් බව, වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ.

වරයා නගර කොමිසමේ නිලධාරීන් මේ බව දැනුම් දී ඇත්තේ, පසුගියදා මුදල් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී වන අතර , මෙම කරුණ සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය විමසන ලෙස මුදල් කාරක සභාව එහිදී නිර්දේශ කර ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති අතර, කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4ක් ඇතුළත කමිටුවට ලබා දෙන්නැයිද එහිදි නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි දස වසර තුළ සමාජ සුබසාධනය සහ ශාසනික උනන්තිය වෙනුවෙන් කැපවෙනවා – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල ගතවූ විසි වසර තුළ කුමන අභියෝග...

අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න්...

වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...