සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 29,(LNW) කොළඹ :
නෙට්බෝල් ක්‍රීඩාව අදාළ ක්‍රීඩා සමාජවල බලයෙන් පත්වන පාලනයකට තීරණ ගැනීම සඳහා වෙන් නොකිරීමත් ආසියානු තරගාවලියේ පරාජයකට එක් හේතුවකි.නිලවරණය මෙහෙයවිමට පත් කරන ලද මණ්ඩලය දැනුවත්ව හෝ නොදැනුවත්ව නිලවරණයේ තනතුරු සඳහා ඉදිරිපත් වූ යාපනයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සිඳු වුයේ ඔවුන්ව නිවැරදිව දැනුවත් නොකළ නිසා බව අපි ලීවෙමු.නෙට්බෝල් බලධාරී අධ්යක්ෂ ජෙනරාල්වරයාට ද කිවෙමු.එසේම නිලවරණ මණ්ඩලය වෙනුවෙන් පවතින පරිපාලනයේ නිලධාරිණියක්ම ලියවිලි අදාළ ක්‍රීඩා සමාජ වෙත යැවීමට සකස් කළ බවට ලැබෙන තොරතුරු ද අපි ඔහුගෙන් විමසුවෙමු.
පරීක්ෂණයක් සිඳු නොවිණි.අවසානයේ නිලවරණය නොපැවත්විණි.අධ්යක්ෂ ජෙනරාල්වරයා බලධාරියා විය.රගර් පරිපාලනයේ සිඳු වූ ආකාරයටම නිසි කලට නිලවරණය පැවත්විම පැහැර හැර සභාපතිණිය පහසුකම් සැපයීම සඳහා පත් කර ගත්තේය.ආසියානු තරගාවලිය සඳහා පත් කරන ලද කළමණාකාරිය ඒ පරිපාලනයේම භාණ්ඩාගාරික විය.
මේ නෝනාවරු සමඟ අපට තරහක් නැත.එහෙත් ඒ ක්‍රියාවලිය සපුරාම සදාචාරාත්මක භාවයෙන් තොරය.අපි ඒ ගැන කීවෙමු.නිලවරණය නොපැවත්වීම මෙන්ම නිලවරණය නොපැවත්වීමට හේතු වූ කාරණා ගැන චෝදනා එල්ල වූ පිරිසක් සිටියදී,වක්‍රාකාරයෙන් චෝදනාවට ලක් වූ පිරිසම යම් යම් තීරණ ගැනීමට සහ වගකීම් ලබා දීමට යොදා ගැනීම සාධාරණ ද යන්න දැන්වත් කල්පනා කළ යුතුය.මේ විරෝධයක් පවතින පරිසරයේම කොටසක් දැල් පන්දු ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ගේ මුල්වලට සම්බන්ධය.එසේ නොවී ක්‍රීඩිකාවන් අහසින් පාත් වූයේ නැත.මේ සරල සමීකරණය තේරුම් ගෙන අඩුම තරමේ ස්වාධීන තත්ත්වයක් ඇති කිරීමට හෝ සංවර්ධන දෙපාර්තමේන්තුව අසමත් විය.
එයින් සිඳු වූයේ අධ්යක්ෂ ජෙනරාල්වරයාටම සියල්ල සපයා දීමට සිඳුවීමය.වෙනත් පාර්ශවයක් පහසුකම් සහ අවශ්‍යයතාවයන් සපයා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වන්නට පරිපාලනයේ නොවීය.එසේ වූවේ නම් සමහර විට මේ කණ්ඩායමට මානසික අභිප්‍රේරණය ගැන වැදගත් අදහස් ලැබෙන්නට තිබිණ.විදේශ සංචාරයක යෙදෙන්නට තිබිණ.තරග අත්දැකීම් ලැබීමේ සහ මානසිකව පිඩනය කළමණාකරණය කර ගැනීමේ සීමාව පටු වීම අවසානයේ පරාජයට හේතුව බව සියුම් පරාජයක් යන වචනයෙන් නො‘වසා ඊට හේතු වූ ක්‍රීඩාමය කාරණා කල්පනා කරද්දී පිටියේ බැට කෑ ක්‍රීඩිකාවන්ට ඒ දේ අත්වීම සිඳු වූ ආකාරය පරිපාලනමය හිස් තැනක් බව අවබෝධ කර ගත යුතුය.
මහමැතිවරණය,ජනාධිපතිවරණය ඉල්ලා දැඩිව පැවති රජයට බලපෑම් කළ සහ,ඊට ඇති නීතිමය සාධාරණත්වය වෙනුවෙන් සටන් කළ ආණ්ඩුවක් යටතේ ඒ වෙනුවෙන් කැප වුණු,මානව විද්‍යාව පිළිබඳ දැනුවත් අගමැතිවරියක් ක්‍රීඩා අමාත්‍ය පුටුවේ සිටින බැවින්,නිලවරණයක් යනු මැතිවරණයක් තරමටම අදාළ කේෂ්ත්‍රයේ මිනිසුන්ට වැදගත් ඉහළ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් බව පැහැදිළි කර දීමට අප අමුතුවෙන් වෙහෙසිය යුතු නැත.ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාට ඇත්තේ පියවර ගණනක දුරකින් නිලවරණය නොපැවත්වීමෙන් එම කේෂ්ත්‍රයට වෙන ප්රජාතන්ත්රවාදී අපරාධය සහ අසාධාරණය ගැන අමාත්‍යවරියගෙන් කරුණු දැන හඳුනා ගැනීමය.
මේ කාර්යයම කරමින් ඹ්‍රී ලංකා රගර් සම්මේලනයේ බලයද ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා අල්ලා ගෙන සිටින්නේය.එහි නිසි පරිිදි නොපැවත් වූ නිලවරණය පැවත්වීමේ මූලික වගකීම දෙවැනි කොට ඉලයට පත්වන කණ්ඩායමට අලුත් සංශෝධන සඳහා මාර්ගෝපදේශන ලබා දීම වෙනුවට අධ්යක්ෂ ජෙනරාල්වරයාට අවශ්‍යය වී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ අතින් කරවන්නටය.ඒ සඳහා ඇති කාලය ඉක්මෙන තෙක්ම නිලවරණය සඳහා මූලිකත්වය දීම වෙනුවට අධ්යක්ෂ ජෙනරාල්වරයා ව්‍යවස්ථාව වෙනස් කිරීමේ උවමනාවේ එල්ලී,නිලවරණය නිසි පරිදි පවත්වන්නට අපොහොසත් වූ පිරිසටම යම් යම් බලයන් පවරමින් ක්‍රියා කරගෙන යමින් තමන් විසින් කළ පමාවෙන් ඇණ හිටිය කාරණා ඉටු කර ගන්නට යළිත් 2025 ජනවාරි 31 දක්වා රගර් පාලනය කිරීමේ බලය ද ලෝක සම්මේලනයෙන්ම ලබා ගෙන ඇත.
මේ සියලු දේ කරන්නේ රගර් ලෝක සම්මේලනයෙන් සහ ආසියානු සම්මේලනයේ උවමනාවටත්,ඔවුන් සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දුත් අතර එකඟතා මත බව අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසයි.එහෙත් ඔහු සිය රාජකාරි වගකීම අනුව ආසියානු හෝ ජාත්‍යන්තර රගර් සම්මේලනයට අනුවවත්,ක්‍රීඩා අමාත්‍යවරයාට අනුවවත් කටයුතු කළ යුතු නැත.ඔහු ශ්‍රී ලංකාවේ ජනතාවට අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කරන්නට, කාගේ හෝ වැරදි උපදෙස් පිට කටයුතු නොකර නිවැරදි දේ පෙන්නා දිය යුතුය.චොදනා එල්ල වී ඇති පිරිස් සහ නිලවරණය පැවත්වීමට අපොහොසත් වූ පිරිස්වලට යම් යම බලය පැවරීම් කළ විට ජනතාව තුළ විහ්වාසය නැතුව යන බව ආසියානු සංගමයට,ලෝක සංගමයට හෝ අමාත්‍යවරයාට පැවසීමට ඔහුට හැකියාව තිබිය යුතුය.
අධ්යක්ෂ ජෙනරාල්වරයා පමණක් නොව ආසියානු ප්‍රධානියා ඔහු සමඟ සමීප ශ්‍රී ලංකාවේ දේශපාලකයන් හා සමීප ලාංකිකයන් සමඟ එක් වී ශ්‍රී ලංකා රගර්වලට බලපෑම් එල්ල කිරීම ආරම්භ කර ඇත්තේ නාමල් රාජපක්ෂ සමයේ සිටය.කීඩා පණතේ විධි විධානවත් නිවැරදිව සළකා නොබලා නාමල් මෙන්ම රොෂාන් රණසිංහ ද රගර් විසුරුවා හැර නීතිය ඉදිරියේ කූජිතව එය හකුලා ගත් බව මෑත කාලීන රගර් හී සංකීරණ හැසිරීම අධ්‍යයනය කර තීරණය කරන්නට අධ්යක්ෂ ජෙනරාල්වරයාට දත්ත පවතින්නේය.එහෙත් මූලික වශයෙන් නිලවරණය වෙනුවට ඔහු කල්පනා කරන්නේ ආසියානු සහ ලෝක ප්‍රධානීන් ද,ලංකාවේ දේශශපාලකයින් ද ගසන පදයට සිය රංගනය ඉදිරිපත් කර ඔවුන්ව පිනවීමටය.
මේ නැටුම්වල එකක් දැන් ඉවරය.රටට ගෞවරවයක් ගෙනා නෙට්බෝල් කිරුළ රටට අහිමි වී ඇත.එම අහිමි වීම ලකුණු දෙකක පරතරයක් ලෙස සිතා සැනසීම හෝ අතිරේක කාලයන් දෙකකට පසුව ජය ගැනීම වැනි කාරණා කියා සුළු කර තැකිය නොහැකිය.මේ තරගාවලියම නැරඹීමට අවස්ථාව ඇත.එවිට සිංගප්පූරුව අවසාන තරගය දක්වා එක එක තරගවලදී තරග වැදුණු අයුරු දැක් ගැනීමට හැකියාව ලැබෙනු ඇත.එ්වා බැලීමේදී ශ්‍රී ලංකාව මේ තරගය තුළ ජයග්‍රහණයට ඉතාම සමීපව සිටියේය.එහෙත් ඒ සිංගප්පූරු කන්ඩායමට වඩා පොහොසත් තරග රටාවක් ඔවුන් අවසාන තරගයේදී ඉදිරිපත් කළ අතර එය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ එකක් නොවීය.තරය ඇතුළත ඔවුන් කළ වෙනස්කම් ද සැළකිල්ලට ගත යුතුය.එවිට ක්‍රීඩිකාවන්ගේ වෙනස්ක් නොව වෙනස් කළ යුතු බොහෝ දේ ගැන සළකා බලන්නට පරිපාලනයක් නොසිටීම අර්බූදයක් බව තේරුම් යනු ඇත.
ක්‍රීඩා අමාත්‍යවරිය මේ කිසිවක් ගැන අවධානයක් නැත.එක් ක්‍රීඩාවක කිරුළ ගිලීහි ගොස් අවසන්ය.මානව අයිතීන් ගැන බරපතල මැදිහත්වීම්වලට සමාජය තුළ සම්බන්ධ සහ සංවේදී ක්‍රීඩා අමාත්‍යතුමිය සිතන්නේ මැතිවරණය පුරවැසි අයිතියක් වූවාට ක්‍රීඩාවේ නිලවරණ එම ක්‍රීඩාවේ නියැලි මිනිසුන්ගේ අයිතියක් නොවන බව ද යන්න අපි ඇයගෙන් අසන්නෙමු.