සරම්ප නිවාරණ සතිය අද සිට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ (LNW):

අද(04) දින සිට සරම්ප නිවාරණ සතිය ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද සිට ලබන 9 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආශ්‍රිතව වැඩසටහන ක්‍රියාත්මක බව , එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

අද සිට සිකුරාදා දක්වා නිවෙස් , සේවා ස්ථාන හා උසස් අධ්‍යාපන ආයතන වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා සඳහන් කළ අතර, ලබන 9 වැනිදා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව ද පැවසීය .

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා රෝගීන් 1100 ක් වාර්තා වී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා සඳහන් කළ අතර, මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇති බවද, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන එම ඒකකයෙන් ජනතාවට, සරම්ප ඇතුළු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසීය හැකි ය.

0117446513 ,  0117682722 , 011768 28 72 හෝ 0117682662 දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටී. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...