මහින්දව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට විශේෂ සාකච්ඡාවක් !

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේදී පැවැත්වී ඇති මෙම විශේෂ සාකච්ඡාවට පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් එක්ව ඇති බව සඳහන්. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද මීට එක්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිට ඇති නමුත් අවසන් මොහොතේ ඒ මහතා ඊට පැමිණ නොමැති බවත් වාර්තා විය.

පොහොට්ටුවේම ආණ්ඩුවක් පිහිටුවාගෙන සිටින නමුත් ඒ ආණ්ඩුව තුළම පවා සිය පක්ෂය අර්බුදයට ලක්වෙනවා විනා වෙනත් යමක් සිදුනොවන බව මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති අතර මීට පිළියමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට අනිවාර්යයෙන්ම පත්කිරීමට එම මන්ත්‍රීවරුන් යෝජනා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීම සඳහා ඉතාම කෙටි කාලසීමාවකට මෙසේ ඒ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.

මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණු අතර ඒ මහතාගේ අදහස වී ඇත්තේ රාජපක්ෂ මහතාව නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම අවශ්‍ය නොවන බවකි.

කෙසේවෙතත් අවසානයේ එකඟතාවකින් තොරවම සාකච්ඡාව නිමා වී තිබුණු බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...