*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනතාව හොර රහසේ විදුලිය අරන් ! පාඩුව කෝටි 08 ක් විදුලිබල මණ්ඩලය කියයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හොර රහසේ විදුලිය ලබාගැනීම් හේතුවෙන් මාස 08ක් තුළ රුපියල් කෝටි 08කට ආසන්න මූල්‍ය අලාභයක් සිදු ව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මණ්ඩලය පවසන්නේ, ඇතැම් පුද්ගලයන් විසින් විදුලි මීටර් වෙනස් කිරීම් සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් මඟින් අදාළ පාඩුව සිදු ව ඇති බවයි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් සිදු ව ඇති බවත්, විදුලි මීටර් වෙනස් කිරීම් සම්බන්ධයෙන් ගත වූ මාස අටක කාලය තුළ වැටලීම් 1,041ක් සිදු කර ඇති අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලයට හත්කෝටි හැට හතර ලක්ෂ විසි හත්දහස් හයසිය හතළිස් නවයක අලාභයක් සිදු ව ඇති බවත් නිවේදනය කරයි.

තව දුරටත් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, විදුලි රැහැන්වලට විවිධ උපකරණ සවිකර විදුලිය ලබාගැනීම් සම්බන්ධයෙන් වැටලීම් 81ක් සිදු කර ඇති අතර, ඉන් රුපියල් විසි හය ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය හතක අලාභයක් සිදු ව ඇති බවයි.

මෙම වංචනික පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ගෙන් රුපියල් තිස් හය ලක්ෂ අනූ පන්දහස් පන්සියයක මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බවද, මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan