*
Friday, May 17, 2024
spot_img

Latest Posts

මොහාන්ගේ ඉල්ලා අස්වීම තීරණාත්මකයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ඉල්ලා අස් වී තිබෙනවා.ඒ මේ වන විට විවිධ පාර්ශව හරහා ශ්‍රි ලංකා ක්‍රිකට් වෙත එල්ල වෙමින් පවතින චෝදනා නිසා විය හැකියි.ක්‍රිකට් විධායක කමිටුවට එම ලිපිය ඉදිරිපත් කර තිබෙන බව තහවුරු වී ඇතත් එහි අඩංගු කරුණු තවමත් විවෘතව නැහැ.
මේ මොහොත වන විට සමස්ත තරගාවලිය නිමා වි නැතුව තිබියදී ත්,ඉන්දියාව ඉදිරියේ ලද පරාජයත් සමඟ ක්‍රිඩා අමාත්‍යවරයා දැඩිව ශ්‍රි ලංකා ක්‍රිකට් දෝශ දර්ශනයට ලක් කරමින් ඔවුන් ඉල්ලා අස්විය යුතු බවට චෝදනාවක් ද කර තිබෙනවා.මේ මොහොත වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් අයිසීසී වෙත දන්වා ඇත්තේ ශ්‍රි ලංකා ක්‍රිකට් වෙත දේශපාලන බලපෑම් එල්ල වන බවයි.එසේම ශ්‍රි ලංකා ක්‍රිකට් මෙන්ම අමාත්‍යවරයාද තමන්ගේ පාර්ශවය සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබෙනවා.
විධායක සභාව මේ වන විට එම ඉල්ලා අස්වීම පිළිගෙන නැද්ද ඇද්ද යන්න ගැන ක්‍රිකට් ආයතනයෙන් තොරතුරක් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර මේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රසිද්ධියේ කරන ලද බලපෑම නිසා සිඳු වී ඇතිනම්,එය ශ්‍රි ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් අයිසසීය වෙත දැඩි බලපෑමක් එල්ල විය හැකි කරුණක් වෙනවා.
මේ වන විට ඉන්දියාව ඉදිරියේ මේ වසරේ ශ්‍රි ලංකාව පෙන්වා ඇති ක්‍රිකට් දස්කම් ඉතාම පහළ මට්ටමක පවතින අතර මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ කටයුතුවලට උපදෙස් දෙන ජාතික ක්‍රිඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග එක් අවස්ථාවක ප්‍රසිද්ධියේ හැඟවීම් කළේ එය ඉන්දීය ක්‍රිකට් විසින් කරන ලද බලපෑම් මත කරන ලද තරග පාවාදීමක් බවයි.එසේම එම පාවාදීමේ කොටස්කාරයන් ලෙස ක්‍රිඩාංගණ සේවකයින් කටයුතු කළ බවට ඉඟි සැපයූ අර්ජුන ඉන්දීය දේශපාලනයේ ප්‍රබල චරිතයකගේ පුතෙක් වන ඉන්දීය ක්‍රිකට් ලෙකම්වරයා විසින් ආසියානු තරගාවලිය සාර්ථක කර ගන්නට වර්ෂාව මැද විශාල සේවයක් කළ ක්‍රිඩාංගන සේවකයන්ට දුන් ත්‍යාග මුදල ඉන්දියාවේ ජයග්‍රහණය උදව් කිරීම වෙනුවෙන් දුන් අල්ලසක් ලෙස හඟවන්නට ද උත්සාහ කළා.
කෙසේ වුව මොහාන් ද සිල්වා ඉල්ලා අස්විම ඉදිරිපත් කර ඇති ආකාරය අතිශයින් වැදගත් වෙන අතර ඔහුගේ ලිපිය බොහෝ විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අනාගතයට තීරණාත්මක බලපෑමක් පමණක් නොව ශ්‍රි ලංකාවේ දේශපාලනයට සහ ක්‍රිඩාවේ යම් යම් වගකීම් දරන්නන්ට ද තීරණාත්මක බලපෑමක් ඇති කරන එකක් විය හැකියි

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan