දරුවන් පාසල් යැවීමත් ගැටළුවක් වෙලා! පාසල් සංවර්ධන ගාස්තු 50% කින් ඉහළ යන ලකුණු!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව , පාසල් ප්‍රධානින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඒ, වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් බව වැඩි දුරටත් ඔවුන් සඳහන් කර ඇත.

තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ, වාර විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පළාත් සභාවලින් මුදල් වැය කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන හෙයින්, එම මුදල් දෙමාපියන්ගෙන් අය කර ගැනීමට සිදුවන බවත් විදුලි ගාස්තු ඉහළ යාම නිසා පාසල්වලට දැරීමට සිදුවන අසීමිත මුදලද දෙමව්පියන් මත පැටවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මීට අමතරව ඉන්ධන ද ඇතුළු ඉහළ ගොස් තිබෙන වියදම් අනුව පාසල්වල ක්‍රීඩා සහ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත්, ඒ සියලු වියදම් ඇතුළත් කිරීමට සිදුව ඇත්තේ පාසල් සංවර්ධන සමිති ගාස්තුවට බවත් පාසල් ප්‍රධානීහු කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...