ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවාද සැකයි – ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනාධිපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්

Date:

කොළඹ LNW:සිය ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත.

හිටපු ජනාධිපතිවරු අතරින් වැඩිම තර්ජන ඇත්තේ තමන්ට බවට කරුණු දක්වා ඇති තත්ත්වයක ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් 50 දෙනා 30කට අඩු කිරීමට ගෙන ඇති නිර්ණායක ප්‍රේහේලිකාවක් බවයි කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නේ.

සිය ස්වාමී පුරුෂය වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාවද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද යන සැකය මතුවන බවයි හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මඟින් පෙන්වාදී ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...