ජනපති රනිල් සහ බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් මහතා අතර හමුවක් ඊයේ (07) සිදු විය.

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි පැවැත්වෙන COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරදී මෙම හමුව සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනක් මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

RN