NSB සිය SLT කොටස් විකුණාදමයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනි විශාලතම කොටස් හිමියා වන අතර අද (09) දිනයේ දී සිය කොටස් හිමිකාරීත්වය විකිණීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර අද දිනයේ දී එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.26 ක් වන අතර,
මෙහිදී ගැනුම්කාර පාර්ශවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

යම්හෙයිකින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අංක එකේ කොටස් හිමියා වන මහා භාණ්ඩාගාර විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබුණේ නම්, මහා භාණ්ඩාගාරය සතු ටෙලිකොම් කොටස් අයිතිය 50% සීමවා ඉක්මවා යනු ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...