මුදා ගනු ලැබූ මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි

2022 නොවැම්බර් 08 වැනි දින මුදා ගෙන වියට්නාමයේ වුන්ග් ටෝ වරාය වෙත රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව අධීක්ෂණය කරයි.

පිලිපීනය සහ වියට්නාමය අතර මුහුදු තීරයේ දී විපතට පත්, ශ්‍රී ලාංකිකයන් යැයි සැලකෙන ආසන්න වශයෙන් පුද්ගලයින් 303 දෙනෙකු රැගත් යාත්‍රාවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය 2022 නොවැම්බර් 07 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දුන්නේය. යාත්‍රාව සම්බන්ධ කර ගත් නාවික හමුදාව, එහි කාර්ය මණ්ඩලය මගීන් ද සමඟ යාත්‍රාව අත්හැර දමා ගොස් ඇති බව දන්වා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පිලිපීනය, සිංගප්පූරුව සහ වියට්නාමය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සිංගප්පූරුව පදනම් කරගත් කලාපීය සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, එම මුදා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.

පසුව, සිංගප්පූරු සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සම්බන්ධ කර ගනු ලැබූ ජපන් ධජය සහිත “හේලියෝස් ලීඩර්” නෞකාව මඟින්, අනතුරට පත් යාත්‍රාවෙන් මගීන් මුදා ගන්නා ලදී. දකුණු වියට්නාමයේ වුංග් ටෝ වරායේ දී මෙම මගීන් වියට්නාම බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.

මෙම මගීන් පරීක්ෂා කිරීම, වියට්නාම බලධාරීන් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් සිදු කරනු ලැබේ.

පිලිපීනයේ, සිංගප්පූරුවේ සහ වියට්නාමයේ සිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ මගීන්ගේ ජාතිකත්වය තහවුරු කර ගැනීම පිළිබඳ පරීක්ෂණ ක්‍රියාවලිය සහ අනෙකුත් විධිවිධාන අවසන් වූ පසුව, ඔවුන් කඩිනමින් ආපසු ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 නොවැම්බර් 09 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...