එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් මයික් වෝල්ට්ස් පත් කිරීමට ට්‍රම්ප් සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දෙවන ධුර කාලයක් වෙනුවෙන් බහුතර බලයක් සහිතව තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස ෆ්ලොරිඩාවේ රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික මයික් වෝල්ට්ස් පත් කිරීමට තීරණය කර ඇතැ යි වාර්තා වේ.

කර්නල්වරයෙකු ලෙස ජාතික ආරක්ෂක අංශයේ සේවය කළ වෝල්ට්ස්, ආසියා පැසිෆික් කලාපයේ චීන ක්‍රියාකාරකම් විවේචනය කර ඇති අතර කලාපය තුළ ඇති විය හැකි ගැටුමක් සඳහා එක්සත් ජනපදය සූදානම් වීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කර ඇත. එමෙන්ම, වෝල්ට්ස් එක්සත් ජනපද හමුදාවෙන් ඉවත් වූ පසු, ඔහු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පරිපාලනයේ පෙන්ටගනයේ හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් සහ රොබට් ගේට්ස්ගේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ලෙස සේවය කළ අතර හිටපු උප ජනාධිපති ඩික් චෙනී යටතේ, වෝල්ට්ස් ත්‍රස්ත විරෝධී උපදේශකයෙකු ලෙස සේවය කළේය.

වෝල්ට් ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදී ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ද්විපාර්ශ්වික කොන්ග්‍රස් කාර්ය සාධක බලකායේ සේවය කිරීම සඳහා ජූලි මාසයේදී පත් කරන ලද නීති සම්පාදකයන්ගෙන් කෙනෙකි.

මිට අමතරව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබුණේ, ට්‍රම්ප් සිය රාජ්‍ය ලේකම්වරයා වශයෙන් ෆ්ලොරිඩාවේ සෙනෙට් සභික මාර්කෝ රුබියෝ පත් කිරීමට සුදානම් වන බවයි. එසේ වන්නේ නම් මාර්කෝ රුබියෝ ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස සේවය කරන පළමු ලතින් ජාතිකයා වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...