සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියෙන් ද ක්‍රීඩාවක් හැටියට අවධානය යොමු කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණය.මේ මොහොතේ ශ්‍රී ලංකාවට ආසියාතික මට්ටමෙන් පදක්කම් ගෙනෙන වෙනත් ක්‍රීඩාවන් නියෝජනය කරන පාසල් ක්‍රීඩක ක්‍රිඩිකාවන් සිටින බවත්,ඔවුන් කෙතරම් ආර්ථික හා සම්පත් ඌනතා මත ක්‍රියා කරන බවටත් වාර්තා වූ කරුණු පදනම් කරගෙන නිකුත් වූ මාධය වාර්තා විශාල ප්‍රමාණයක් තිබුණත්,අමාත්‍යවරයාගේද අවධානය යොමු වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙත පමණි.ඒ අනුව පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කිරීමට ක්‍රියා කර ඇත.
නැවත අයිසීසී සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථා හිමි වුවහොත් එම කාර්ය රජයේ සැළසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් හරහාම ක්‍රියාත්මක කළ හැකි යෝජනාවකි.ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට ක්‍රිඩා අරමුදලට අවශ්‍යය ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ක්‍රිකට් උපයන මුදලින් සියයට 20 ක මුදල් ඉල්ලා අර්බූද ඇති කර ගනිමින් සිටින පරිසරයක ක්‍රීඩා අමාත්‍යවරයාට වැඩ කරන්න මෙම මුදල් ලබා දීම වැදගත්.නමුත් එය ජාතික වැඩ පිළිවෙලක් යටතට පත් කළ යුතු වන්නේ ක්‍රිඩා අරමුදලෙන් අමාත්‍යවරයාට එය තමන්ට රිසි පරිදි වියදම් කිරීමටත් බාධාවක් නොවන නිසයි.
මේ ආකාරයට සියයට 20 ක මුදල් අවශ්‍යයතාවය සහ එයින් සමස්ත ක්‍රීඩාව ගොඩ නැඟීය හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ සිඳු කළ අතර ශම්මි සිල්වා පසුව ප්‍රකාශ කළේ එසේ අමාත්‍යවරයා ඉල්ලීමක් කළ බව එය ලබා නොදීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ විරසකයක් සාදාගෙන ඇති බවයි.
කෙසේ නමුත් මූල්‍යමය වශයෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් ද ක්‍රීඩා අරමුදලට ලැබෙන පරිත්‍යාග වැඩි කිරීමට එසේ ලැබෙන මුදල් සඳහා බදු ප්‍රතිපත්තියේදී වැඩි සහනයක් ලැබෙන ආකාරයක් සකස් කිරීම වැදගත්ය.එසේම ජාතික ක්‍රීඩා අරමුදල පුද්ගල කේන්ද්‍රීය තීරණ මත හැසිරවීම වෙනස් කිරීමට ක්‍රීඩා පණතට සංශෝධන ගෙන ඒම ද වැදගත්ය.ඒ ආකාරයටම මේ මොහොතේ සිදු වී තිබෙන අයිසීසී තහනම සෘජුව රටේ ආර්ථිනයට බලපාන එකකි.එසේම තහනම් වූ පාපන්දු සහ රගර් ක්‍රිඩා නිසා ද රටට සුළු වශයෙන් දොයමක් ලැබීමේ දොරටු වැසිණි.මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ක්‍රීඩා සංගම් සම සම්මේලන පත් කිරීමට සහ විසුරුවීමට ඇති බලය අමාත්‍යවරයාගේ තනි අයිතියෙන් ජාතික ක්‍රීඩා සභාව වෙත පැවරිය යුතුය.ජාතික ක්‍රිඩා සභාව පත් කිරීමට අමාත්‍යවරයාට ඇති බලය පාර්ලිමේන්තුවට පවරා ගෙන එය පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ අයිතියට පත් කළ යුතුය.
ක්‍රිඩාවේ ආර්ථිකයට බලපාන,ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවේ ස්වාධීනත්වයට බලපෑම් ඇති කරන ක්‍රීඩා පණත දේශපාලන බලපෑම්වලින් වියුක්ත කර එවාට ආර්ථිකමය වශයෙන් ස්වාධීනව තීරණ ගැනීමට,අනුග්‍රහ සොයා ගැනීමට ඇති මාර්ග පුළුල් කරන ආකාරය ගැන ද යෝජනා කරන්නට සුදුසුම මොහොතක එය අයවැයෙන් ගිලිහී තිබීමෙන් පැහැදිළි වන්නේ ජනාධිපතිවරයා ද ජනප්‍රිය ක්‍රිකට් මතම සමස්ත ක්‍රීඩාව තබා පොදුවේ රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමු කරන බවය.
