විසඳුම් නැති අලි මිනිස් ගැටුම්..

අලි මිනිස් ගැටුම් විසඳීමට ස්තිර විසඳුමක් අද වනතුරුත් ලැබී නොමැති බව සියලු දෙනා දන්නා කරුණකි. එහෙත් අලි මිනිස් ගැටුම් වල අවසානයක් හෝ අහිමි වන ජීවිත වල අඩුවක් ද සිදුවී නැත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, ගලෙන් බිඳුණු වැව ඇතුළු ගම්මාන රැසක් නිරන්තරයෙන් වන අලි තර්ජන වලට ලක් වේ. වන අලින් විසින් ගම්මානයේ වගාබිම් සියල්ල විනාශ කිරීම හේතුවෙන් ගොවි ජනතාව පවසන්නේ දැඩි පීඩනයකටයි.

මෙම තත්ත්වය හමුවේ මෙම ගැටලු වලට පිළියමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගොවි ජනතාව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. පලුගස්වැව, තිරාපනේ, මොරගොඩ බැඳිවැව ආදී ගම්මාන රැසක ගොවි ජනතාව ද එහිදී අදහස් දැක්වීය.

ජලය, පොහොර, බීජ සියල්ලම ලබා දුන්නත් අලි ගැටලුවට විසඳුමක් නොමැති නම් තව වගාවන් කරගෙන යාමට නොහැකි බව ගොවීන් පවසයි. එනිසා මේ ප්‍රශ්නය අඩසියවසක් පුරා පවතින බවත් එම කාලය පුරාවට තමා මේ වන අලි තර්ජනයට ජීවිත සහ වගාවන් පුද කල බව කණගාටුවෙන් පවසයි.

එබැවින් ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ වනජීවි දෙපාර්තමේන්තුව හරහා සිවිල් ආරක්ෂක බලකාය මගින් නිළදාරීන් යොදවා තම වගාවන් රැක ගැනීමට ආරක්ෂාව ලබාදෙන ලෙසයි.

බළධාරීවරුනි…ඔබේ අවධානය පිණිසයි …

රෂිකා හෙන්නායක
2022.11.14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...