පාකිස්තානු වැසියන්ගේ විදුලි බිල නැවතත් වැඩි කිරීමට පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පාකිස්තානය එරට වැසියන්ගේ විදුලි බිල නැවතත් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පාකිස්තාන ඒආ­ර්අයි පුවත් සේවය වාර්තා කරන්නේ, ඉහළ යන බල­ශක්ති පිරි­වැ­යට විසඳු­මක් ලෙස ඉදි­රි­යේදී පාකිස්තා­නයේ විදුලි බිල ඉහළ නංවන ලෙස එරට ජාතික විදු­ලි­බල නියා­මන අධි­කා­රි­යට උප­දෙස් ලැබී ඇති බවටයි. ඒ අනුව ඉදි­රි­යේදී එරට විදුලි බිල වැඩි කිරීමට ජාතික විදුලි බල නියා­මන අධි­කා­රිය සැල­සුම් කර ඇති බව සඳහන් වේ.

මේ වන විටත් විදුලි බිල ඉහළ යෑමෙන් දැඩි පීඩ­න­ය­කට ඇද වැටී සිටින එරට පාරි­භෝ­ගි­ක­යන්ට යළි විදුලි බිල වැඩි කිරී­මෙන් පාකිස්තාන රුපි­යල් බිලි­යන 8.73ක අම­තර බරක් දැරී­මට සිදු­වනු ඇති බව පැවසේ,

රජ­යෙන් නිකුත් කළ එම උප­දෙස් මත පාකි­ස්තා­නයේ ජාතික විදු­ලි­බල නියා­මන අධි­කා­රිය ඉහළ නැංවී­මට සැල­සුම් කර ඇති නව විදුලි බිල්පත් ගාස්තු­වට විදුලි ධාරි­තාව සඳහා පාකි­ස්තාන රුපි­යල් බිලි­යන 8.06ක මුද­ලක් ද, මෙහෙ­යුම් හා නඩ­ත්තුව සඳහා රුපි­යල් බිලි­යන 1.25ක් ද, පද්ධති ගාස්තු හා වෙළෙ­ඳ­පොළ මෙහෙ­යුම් ගාස්තු සඳහා රුපි­යල් බිලි­යන 1.65ක් ද ඇතු­ළත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...